Oct 02

මචං ටෙනි.. මට සමාවෙයන්..! බන්දු මුහුණු පොතට එක් කළ සංවේදී සටහන


හාස්‍ය රංගනයෙන් රටක් හිනැස්සූ ආදරණීය ටෙනිසන් කුරේ රංගන ශිල්පියා ඊයේ දිනයේ සිය රසිකයින් මෙන්ම කලා ලොව හිතමිතුරන්ද හඬවමින් අවසන් ගමන් ගියා.

රිදී තිරයේ විවිධ චරිත මැවූ ටෙනිසන් කුරේ වඩාත් ජනප්‍රිය වූයේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ, "රෑ ඩැනියෙල් දවල් මිගෙල්" චිත්‍රපට පෙළෙන්. එම චිත්‍රපට කිහිපයකම ඔහු බන්දු සමරසිංහ සමඟ රංගනයේ යෙදුනු අතරේ ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුනා.

"බන්දු - ටෙනී" යුගලයෙන් හදිසියේම තම මිත්‍ර ටෙනී වියෝ වීම ගැන බන්දු සමරසිංහ ඉතා සංවේගයෙන් පසුවන අතර මීට පැය කිහිපයකට පෙර බන්දු ඔහුගේ මුහුණු පොතේ තම මිත්‍රයා වෙනුවෙන් අතිශය සංවේදී සටහනක් තබා තිබුණා.

මචං Tenny අපි තිරේ බොරුවට ඇඩුවට අද මට උඹ ඉස්සරහ ඇත්තටම අඩන්න සිද්ද උණා, ඒකට මට සමාවෙයන්.. වෙනදට උබේ මගේ චිත්‍රපට නාලිකා වල යද්දී අන්න මචං උබේ මගේ චිත්‍රපටයක් යනවා කියපු අපි දෙන්නා දැන් මට තනියෙන් කදුළු එක්ක බලන්න වෙයි.. උබේ අඩුව නම් මට පුරවන්න බැහැ මචෝ.

උබයි මමයි පුද්ගලික කතා උන දේවල් මං අද කිව්වේත් නැහැ මොකද එහෙම උනොත් අද ආපු ඔකොම හිනා වෙන නිසා. මං ලගදීම උබේ මගේ මතකයන් අපේ මිතුරන්ට කියන්නම්.. සුභ ගමන් මචං !



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.