Oct 02

වතුර බේසමට බිරිඳගේ ගෙල තබා හුස්ම යන තෙක් සිරකර බිරිඳ මැරූ නරුමයා


දෙදරු මවකගේ ගෙල මිරිකා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු ඇයගේ සැමියා උඩුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සංජය විජේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ හිනිදුම තලන්ගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මුතුහෙට්ටිගේ ප‍්‍රියන්ත කුමාර (44) නමැති අයෙකි. හිනිදුම තලන්ගල්ල ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ නාන කාමරය තුළදී මෙකී මවගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. සැකකාර පුද්ගලයා විසින් නාන කාමරයේ වතුර පිරවු බේසමට තම බිරි`දගේ ගෙල තබා ඇයගේ හුස්ම යන තෙක් සිරකරගෙන සිට ඇති බවද පොලිසිය පවසයි. පසුව සැකකරු විසින් නාන කාමරයේ ජල කරාමය ඇර දමා දරු දෙදෙනා රැගෙන ඒමට ත‍්‍රිරෝද රථයෙන් පාසල වෙත ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වි තිබුණි.

 මොවුන් දෙදෙනා අතර කාලයක පටන් පවුල් ආරවුල් තිබී ඇති අතර එම ගැටුම් දුරදිග ගොස් මෙකී ඝාතනය සිදුකරන්නට ඇති බවද පොලිසිය පවසයි. ඝාතනය කොට ඇත්තේ තලන්ගල්ල ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මදුරංගනී අයෝමා නමැති දෙදරු මවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය මහත්මිය විසින් පවත්වනු ලැබු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී දෙදරු මවගේ මරණය වී ඇත්තේ ගෙල සිරකිරීමෙන් බව අනාවරණය විය. සැකකාර පුද්ගලයා කලක් තේ කම්හලක සහකාර කළමනාකරුවකු ලෙස සේවය කළ අයෙකි. ඉන්පසු නාවික හමුදාවට එක්වී ඇති මොහු අවුරුදු 05ක් නාවික හමුදාවේ සේවය කොට ඇත. නාවික හමුදා සේවය අත්හැරගොස් සිටි සැකකරු පසුව විදේශගතව වසර 09 කට මෙරටට පැමිණ තිබේ.

 සැකකාර පුද්ගලයා විකෘති ලිංගික ආශාවලින් යුතු අයෙකු බවත් මොහුගේ ජංගම දුරකථනයේ තිබී අසැබි දර්ශනද සොයාගත් බවද පොලිසිය පවසයි. ගාල්ල කොට්ඨාසභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ, හිනිදුම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, හිනිදුම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නීල් පත්මකුමාර යන නිලධාරින්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුණුවිල බණ්ඩාර, උ. පො. ප. සුනිල්, පො. සැ. 34604 පුෂ්පකුමාර, පො. සැ. 3073 චන්දන, පො. සැ. 30859 සතිස්චන්ද්‍ර, පො. සැ. 58417 වනිගරත්න, පො. කො. 86428 බුද්ධික යන නිලධාරින් විසින් විමර්ශන කටයුතු සිදුකොට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.