May
22
සී.අයි.ඩීය පැය පහක් රන්ජන්ගෙන් ප්‍රශ්න කරයි
බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශය ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (22) දහවල් 1.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණීයා.
එහිදී පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සවස 5.30 ට පමණ ඔහු ඉන් පිටව ගියා..