Nov
05
නොපසුබට ධෛර්යෙන් ජීවිතය ජයගත් ශූරයා - ජෝ බයිඩ්න්
ලොවක් බලා සිටින අමෙරිකානු ජනාධිපතිවරණ සටන තවත් තීව‍්‍ර කරමින් අවසන් ප‍්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ. ප‍්‍රාන්ත 50 න් 46 ක ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබුණත් ඉතිරි ප‍්‍රාන්ත 4 හි ප‍්‍රතිඵල තීරණාත්මක අදියරකට එලඹ තිබෙනවා. ඒ අනුව නිකුත් වීමට නියමිතව ඇත්තේ ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් හා පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්තවල ඡන්ද ප‍්‍රතිඵලයි.
එම ප‍්‍රතිඵලත් ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න්ට හිමිවන ත්‍යාගයක් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් එම ප‍්‍රාන්ත 4 තුල මේ වනවිට යම් උනුසුම් තත්ත්වයක් මතුව ඇතැයිද විදෙස් වාර්තා පවසනවා. ඡන්ද ගණන් කිරීම නතර නොකරන ලෙස බයිඞ්න් පක්‍ෂිකයින් එක්ව ඉල්ලා සිටින අතර එම කටයුතු අත්හිටුවන ලෙස ට‍්‍රම්ප් පාක්ෂිකයින් බළපෑම් එල්ල කරන බව සදහන්. නිකුත්වීමට ඇති ප‍්‍රතිපල අතරින් පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ ප‍්‍රතිඵල ජෝ බයිඞ්න්ට වඩාත් වාසිදායක වනු ඇතැයි විශ්වාස කෙරෙන්නේ.
කොතරම් බලපෑම් එල්ල වුවත් ඡුන්ද ගණනය කිරීමේ කටයුතු අත්හිටුවන්නේ නැති බවයි ප‍්‍රාන්ත ආන්ඩුකාරවරයා අවධාරණය කළේ.
කෙසේවෙතත් තමා මේවනවිටත් ජනපතිවරණයේ ජය තහවුරු කර අවසන් බවයි පාක්ෂිකයින් අමතමින් ජෝ බයිඞ්න් පැවසුවේ. අවසන් ප‍්‍රතිඵලයද තමන් විසින්ම පාක්ශිකයින් වෙත ප‍්‍රකාශයට පත් කරන බව ජෝ බයිඞ්න් අවධාරනය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මේ ජෝ බයිඩ්න් පිළිබඳ තොරතුරු බිඳකි.
1942 වසරේදී උපත ලබා ඇති බයිඩන් ගේ උපන් ප්‍රදේශය වන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ස්ක්‍රන්ටෝන් නම් නගරයි.
ඔහුගේ මව ජේන් නම් වූ අතර පියා ජෝෂප් වේ. ඔහු පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙක් වූ අතර ඔහුගේ ආදායම නිතර වෙනස් වූ බව සඳහන් වේ.
එම පවුලේ දරුවන් අතුරින් වැඩිමලා වුයේ ජෝ බයිඩන් ය. ඔවුන් පාරම්පරික අයිරිෂ් කතෝලික පවුලකි.
මූල්‍ය අපහසුතා හේතුවෙන් බයිඩන් සිය කුඩා කාලය ගතකර ඇත්තේ ඔහුගේ මවගේ දෙමව්පියන් සමග ය.
"මගේ තාත්තා සැමවිටම කිව්වේ, "ශූරයා, බිමට වැටෙන්න පහරක් වැදුනොත්, ඔබ නැවත තරඟයට පිවිසිය යුතුයි කියලා," බයිඩන් පැවසීය.
ඔහු පාසලේදී වඩාත් දස්කම් පෑවේ අධ්‍යාපනයට නොව ක්‍රීඩාවට ය. ඔහු අමෙරිකානු පාපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාවලින් දස්කම් දැක්වීය.
ඔහු 1965දී විශ්වවිද්‍යාල අධ්‍යාපන නිම කළේය.
නීති විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු බයිඩන් විල්මින්ටන්, ඩෙලවෙයා ප්‍රදේශයට ගොස් තිබේ. ඒ, නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ඇරඹීමට ය.
ඔහු 1966 සිය පළමු බිරිඳ වූ නීලියා හන්ටර් සමග විවාහ විය.
ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙක් - බියෝ සහ රොබර්ට් - සහ නයෝමි නමින් දියණියක් ලැබුණි.
බයිඩන් ප්‍රථම වරට සෙනෙට් මණ්ඩලයට තේරී පත්වී ඇත්තේ 1972 දීය. නමුත් ඊට මාස කිහිපයකට පසු ඔහුට සිය බිරිඳ සහ එවකට අවුරුදු එකක් වූ දියණිය ද මෝටර් රථ අනතුරකින් අහිමි විණි.
එම අනතුරෙන් පුතුන් දෙදෙනා තුවාල ලැබුවද ඔවුන් බේරී තිබුණි.
2015 වසරේදී, බියෝ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් මිය ගියේය.
බාල පුතු හන්ටර් ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකි.