Nov
06
රජයෙන් දෙන බඩුමල්ල ලැබුනේ නැත්නම් මේ අංකයට කියන්න
කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියද, රජයෙන් ලබාදෙන බඩුමල්ල මෙතෙක් නොලැබුණු පුද්ගලයන් ඇත්නම් ඒ පිළිබඳ තමාව දැනුවත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවැසීය.
ඒ පිළිබඳ දැනුම් දීම සඳහා 011 2369139 යන දුරකථන අංකය භාවිත කළ හැකිය. එසේ නොමැති නම් අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කළ පසු තමාට හිමි බඩු මල්ල ලබාගත හැකි බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් කොවිඩ් 19 ආසාදිතයන් 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් විසිදහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
චාමර පල්ලේගෙදර
චාමර පල්ලේගෙදර