Jul 01

නිවාසයේ පිරිමි දරුවන්ට බ්ලූ ෆිල්ම් පෙන්නා අපයෝජනය කළ මහනුවර කාන්තාව

 


මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන රජයේ වෘත්තිය පුහුණු ආයතනයේ පුහුණුව ලබන බාල වයස්කාර පිරිමි ළමයෙකු එම ආයතනය මගින් පුහුණුවකට යැයි පවසමින් රසකැවිලි නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික ආයතනයකට යොමුකර සිටියදී එහි සේවිකාවක විසින් එම දරුවා බලහත්කාරයෙන් රඳවා තබාගෙන අමානුෂික පහර දීමට හා දරුණු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අදාළ කාන්තාව පෙරේදා (28 වැනිදා) දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අදාළ වෘත්තිය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනය වෙත විශේෂ අවශ්‍යතා සහිත පිරිමි දරුවන් තිදෙනකු යොමුකර ඇත. එම දරුවන්ට නිවෙස්වලට යාමට පවා නොදී සේවිකාවක විසින් නිතර අමානුෂික අයුරින් පහර දෙමින් සේවයේ යොදවා ගැනීමට අමතරව ඔවුන් ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන අතර ඇයගේ ලිංගික ක්‍රියාවන්ට අවනත නොවීමෙන් පසු පහර කෑ ළමුන් දෙදෙනකු පසුව එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පලා ගිය ළමුන්ගේ දැනුම් දීම මත එක් ළමයෙකු ආයතනයේ කාමරයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට ළමයාගේ දෙමවුපියන් විසින් මහනුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිස් කණ්ඩායමක් ගොස් එම ස්ථානය සෝදිසි කළ අවස්ථාවේ ළමයා සොයා ගෙන ඇත.

හතළිස් එක් හැවිරිදි සැකකාර කාන්තාව සෑම දිනකම පාහේ රාත්‍රී කාලයේ අසභ්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් 17 හැවිරිදි මෙම ළමයා මෙන්ම පලා ගිය දරුවන්ද අවස්ථා ගණනාවකදී ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ළමයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

රස කැවිලි ආයතනයේ හිමිකරු නිවසට ගියවිට ආයතනය තුළ රැඳී සිට ඇත්තේ මෙම කාන්තාව සහ ළමයා පමණක් බව පොලිසිය පවසයි.

රජයට අයත් වෘත්තිය පුහුණු ආයතනය මගින් ප්‍රායෝගික පුහුණුව සඳහා රස කැවිලි නිෂ්පාදන ආයතනයට ළමුන් යොමුකර තිබෙන්නේ නීත්‍යනුකූලවද යන්න සොයා බලන බව පොලිසිය පවසයි.

අදාළ පෞද්ගලික ආයතනයේ හිමිකරු ඊයේ (29 වැනිදා) පොලිසියට භාර වී ඇති අතර ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ නඩුවක් මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද පොලිසිය පවසයි .

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත,මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩගේ මෙහෙයවීමෙන් , මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.


කමල් සුරවීර- මහනුවර


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.