Sep 25

පොලිස් වෙඩිකා මියගිය ගොනාකෝවිලේ රොහා මිනීමැරුම් 20 ක් හා අපරාධ රැසක චූදිතයෙක්


කුරුණෑගලදී පොලිස් පරීක්‍ෂකවරයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම්, කප්පම් ගැනීම් හා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වල නිරතවෙමින් සිටි මෙරට පාතාලයේ දරුණු අපරාධකාරයකු බව කියන ගොනාකෝවිලේ රොහා නමැත්තා මීගමුව කොච්චිකඬේ කම්මල්තොට ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ඊයේ (24 වැනිදා) අලූයම මියගොස් ඇත.

ගොනාකෝවිලේ රොහා ඉන්දියාවට පලා යෑමට සූදානම්ව මීගමුව කොච්චිකඬේ කම්මල්තොට මුහුදු තීරයේ මුරකුටියක සැඟවී සිටියදී පොලිසිය මොහුට වෙඩි තබා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගොනාකෝවිලේ රොහා සැඟවී සිටි කම්මල්තොටවැල්ලේ පිහිටි සංචාරක හෝටලයකට අයත් මුරකුටිය වටලා ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඔහු පලා යෑමට උත්සාහ කර ඇත.

 ඒ අවස්ථාවේ ගොනාකෝවිලේ රොහා සහ පොලිස් නිලධාරීන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් මොහු මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

 ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ සැඟවී සිටි රොහාගේ ගෝලයකු බවට සැකකරන තවත් පාතාල සාමාජිකයකු පොලිසියෙන් බේරී පලා ගොස් තිබිණි.

 ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු එම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී ගොනාකෝවිලේ රොහා සතුව තිබූ ජර්මනියේ නිෂ්පාදිත පිස්තෝලයක්, ටී 56 ගිනි අවියක්, ඉන්දීය රුපියල් ලක්‍ෂ 3 ක මුදලක් ද පොලිසියට සොයා ගැනීමට හැකි විය.

 දේවමුණිගේ හැරල්ඞ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා මිනිස් ඝාතන 20 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන අයකු බව පොලිසිය පවසයි.

 කුරුණෑගල, පුත්තලම මාර්ගයේ හෝටලයකදී පොලිස් පරීක්‍ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන 8 ක් සම්බන්ධයෙන් රොහාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

 ගොනාකෝවිලේ රොහා මීගමුව ප‍්‍රදේශයෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රදේශයට පලා යෑමට සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් , නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ යන මහත්වරුන් වෙත ලැබී තිබුණේ මීට දින කීපයකට උඩදීය.

 ඒ අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිවුන්හැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් දින කීපයක් තිස්සේ මීගමුව කොච්චිකඬේ ප‍්‍රදේශයේ රැුකවල්ලාගෙන සිට ඇත.

 ගොනාකෝවිලේ රොහා ඇතුළු පාතාල මැරයන් පිරිසක් මීගමුව කොච්චිකඬේ කම්මල්තොට ප‍්‍රදේශයේ වෙරළ තීරයේ පාළු නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිවුන්හැල්ල මහතා ඇතුළු නිලධාරීන් ඊයේ අලූයම 3.00 ට පමණ එම නිවස වටලා තිබේ.

 පොලිස් නිලධාරීන් නිවස වටලා එහි සිටි පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔවුන් පොලිස් නිලධාරීන්ට වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇත.

 එහිදී පොලිසිය ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් වෙඩි පහරින් ‘ගොනාකෝවිලේ රොහා’ එම ස්ථානයේදීම මියගොස් තිබේ.

 1979 පෙබරවාරි 18 වැනිදා උපත ලබා ඇති දේවමුණිගේ හැරල්ඞ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා ගල්කිස්ස, රත්මලාන, පානදුර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු පාතාල නායකයකු බව පොලිසිය පවසයි.

 ඉකුත් 2016 වර්ෂයේ නොවැම්බර් 15 වැනිදා රාතී‍්‍ර කුරුණෑගල පොලිසියේ නිලධාරීන් පිරිසක් පුත්තලම මාර්ගයේ පිහිටි පැරඩයිස් හෝටලයේ රැුඳී සිටි ගොනාකෝවිලේ රොහා ඇතුළු පාතාල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් පොලිසියට ප‍්‍රහාර එල්ල කර තිබිණි.

 එම ප‍්‍රහාරයෙන් කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂක දසනායක මහතා මරුමුවට පත්වූ අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

 ඊට අමතරව 2016 වර්ෂයේ ජුනි මස 23 වැනිදා මහර අධිකරණය ඉදිරිපිටදී සිංහාරගේ සුරේෂ් අසංග ද සිල්වා නොහොත් ලන්සියා නමැති ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයාට වෙඩි තබා ඝාතනය කිරීම, 2014 වර්ෂයේ සැප්තැම්බර් 20 වැනිදා කල්දෙමුල්ල ප‍්‍රදේශයේදී ශී‍්‍රමාල් පෙරේරා යන අයට වෙඩි තබා ඝාතනය කිරීම එම වසරේම අගෝස්තු 17 වැනිදා හේමල් අබේරත්න යන අයට තෙලවලදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද රොහාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

 2007 වර්ෂයේ අගෝස්තු මස 12 වැනිදා ගල්කිස්ස ගොනාකෝවිල ප‍්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වර්ෂයේම මැයි මස 25 වැනිදා ගොනාකෝවිල ප‍්‍රදේශයේදී ම තවත් පුද්ගලයකු මරා දැමීම, 2002 වර්ෂයේදී දෙසැම්බර් 31 වැනිදා කෙසෙල්වත්ත මොහොමඞ් පාකිර් යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා ඇති බව පොලිසිය පවසයි.

 මීට අමතරව කොල්ලකෑම් ගල්කිස්ස රත්මලාන ඇතුළු ඒ අවට ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ගැනීමට මහා පරිමාණ හෙරොයින් ජාවාරම ඇතළු තවත් අපරාධ රැුසක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

 රොහා සහ ගොනා්කෝවිලේ අංජු නමැති පාතාල නායකයා අතර කාලයක පටන් ගැටුම් පැවැති බව පොලිසිය පවසයි. හෙරොයින් ජාවාරම් මුල් කරගෙන මෙම පාතාල ගැටුම් ඇතිවූ අතර එහිදී දෙපාර්ශ්වයේම සාමාජිකයන් විශාල පිරිසක් මරුමුවට පත්වී තිබිණි.

 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිවුන්හැල්ල මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන පැවැත්වූහ.

 මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානය සහ වෙඩි වැදීමෙන් මියගිය ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් මීගමුව වැඩ බලන මහෙස්ත‍්‍රාත් කේ. ජී. ගුණදාස මහතා විසින් වෙඩි හුවමාරු සිදුවූ ස්ථනයට සහ මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස් එහිදී මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය පවත්වන ලදි. එම මරණය සම්බන්ධයෙන් මීගමුව ප‍්‍රධාන අධිකරණ වෛi විශේෂඥවරයා මගින් එහි පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් කේ. ජී. ගුණදාස මහතා තවදුරටත් නියෝග කළේය. මෙහිදී ගොනාකෝවිලේ රොහා ඇතුළු පාතාල කල්ලිය විසින් වෙඩි තැබීමට යොදාගත් ටී. 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හේමන්ත රන්දුණු සහ විමල් කීර්ති - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.