Sep 25

හිනිදුම ගමක් කළඹමින්, නාන කාමරය තුළ මිය ගිය දෙදරු මවගේ මරණයේ සුල මුල මෙන්න


හිනිදුම, තලන්ගල්ල ප‍්‍රදේශයේ දී නිවසක නාන කාමරය තුළදී ඝාතනයට ලක්වූ දෙදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා ඊයේ (24 දා) අලූයම අත්අඩංගුවට ගත් බැව් හිනිදුම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවූ අයෙකි. මොහු ගුවන් හමුදාවේ සේවය කොට ඉන් ඉවත් වූ අයෙකු බව පොලිසිය පවසයි. මෙකී දෙදරු මවගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිර කිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමෙන් පසු පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ කරනු ලැබූ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මුලදී පවසා ඇත්තේ පාසල් ගොස් සිටි දරු දෙදෙනා රැුගෙන නිවසට විත් බලන විට ඇය නිවසේ නාන කාමරය තුළ වැටී සිට ඇති බවයි. එහෙත් පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ දිගින් දිගටම ප‍්‍රශ්න කොට ඇත. එහිදී සැකකරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කොට ඇත්තේ නාන කාමරය තුළදී බිරිඳ සමග පොර බැද බවත්, එහිදී ඇය බිම ඇද වැටුණු බවයි. මියගිය කාන්තාවගේ සිරුරේ ස්ථාන කිහිපයක පහරදීමේ තුවාල තිබූ බවද පොලිසිය පවසයි.

සැකකරු කලක් සිය බිරිඳ සමග විදේශතව සිට පැමිණ ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පසුව මොවුන් දෙදෙනා අතර පවුල් ආරවුල් ඇතිවී තිබෙන අතර මේ ගැන පොලිසියටද පැමිණිලි ලැබී ඇත. පොලිසිය විසින් මොවුන් දෙදෙනා සාමදාන කොට යවා ඇත. සැකකරු උඩුගම මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දෙදරු මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කරනු ලැබීය.

හිනිදුම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. එම්. ටී. පත්මකුමාර, ප‍්‍ර.පො.ප. දුණවිල බණ්ඩාර, පො.සැ. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් විසින් මෙකී ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූහ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.