Sep 25

හොරණින් හමුවූ මියගිය නරි දෙදෙනාටම ජලභීතිකාව


පසුගිය දින කිහිපයේදී හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ පර්ත් පැරඩයිස් නිවාස සංකිර්ණය අසලදී හමුවූ මියගිය නරියාට සහ හොරණ ඕවිටිගල ප‍්‍රදේශයේ දී සැක සහිත ලෙස මියගිය නරියාට ජලභීතිකාව වැළදී ඇති බවට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යවන ලද එම හිස් කොටස්වලින් තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සී. සේනාරත්න මහතා පැවසීය.

එසේම මදුරාවල සොඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප‍්‍රදේශයේ ඉළිඹ, මූකලාන ප‍්‍රදේශයේ නරියකු විසින් සපාකන ලද සුනඛයන් සිව්දෙනාට පෙරේදා (23 දා) ජලභීතිකා එන්නත් විද එම නිවෙස්වලම ආරක්‍ෂිතව දින 60 ක කාලයක් ගැටගසා තබන ලෙස හිමිකරුවන්ට දන්වා ඇති බවත්, ඊයේ සහ අද (24 සහ 25) දෙදින මදුරාවල සහ රෙමුණ මහජන සෞඛ්‍ය බල ප‍්‍රදේශවල සියලූම සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහනක් බැල්ලපිටිය විදුහල් ක‍්‍රීඩාංගණයේ දී සිදු කරන බවත් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

තවද ඉළිඹ ප‍්‍රදේශයේ ගවයන් 120 දෙනකුට ජලභිතීකා එන්නත් ලබාදීම අද (25) දින බුලත්සිංහල පශු වෛද්‍ය නිලධාරී මගින් සිදු කරන බවත්, ඒ සදහා ජලභිතිකා එන්නත් 250 ක් ඊයේ (24 දා) ඔවුන්ට භාරදුන් බවත් නිලධාරිවරිය වැඩිදුරටත් පැවසුවාය. තවද මදුරාවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. කුලතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉළිඹ ගම්මානයේ ගෙන් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කිරීමද ඊයේ දිනයේ සිදුකර ඇත.

මදුරාවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විමුක්ති තිලකරත්න මහතා පැවසුවේ: ‘‘මෙම සිදුවීමත් සමග වීදි සුනඛයන්, ගෙවල්වල ඇති කරන සුනඛයන් සහ පූසන්ට ජලභීතිකා එන්නත් ලබා දෙන අතරම වන්ධ්‍යාකරණයද කරනවා. දැනට බල ප‍්‍රදේශයේ සැක සහිත සුනඛයන් තිදෙනෙක් මැරිලා ඉන්නවා. වෛද්‍ය පර්යේෂණායනයේ වාර්තා අනුව එක් සුනඛයකුට ජලභීතිකා වැළදී ඇතිබව තහවුරු වුණා. අනෙත් දෙදෙනාටත් ජලභීතිකාව බවට අපිට සැකයක් පවතිනවා. අපි සැක කරනවා. බල්ලන්ගෙන් නරින්ට බෝවෙන්න ඇතියි කියලා.

මංගල එදිරිසිංහ - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.