Sep
25
කෝටි 34ක් වන්දි ගෙවන්න නිවු ඩයමන්ඩ් නෞකා සමාගම එකඟ වේ
නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතනය සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340 ක මුදලක් ලබා දීමට එම නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබෙනවා.
නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න පැවසුවේ.
ගින්න නිවීමට හා ඊට අදාළ කටයුතු සදහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සදහා හිමිකම් ඉල්ලීමක් නීතිපතිවරයා විසින් පසුගිය 16 වනදා, නෞකාව හිමිකරුවන්ගේ නීතීඥවරුන් වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබුණා.
මේ අතර, අදාළ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදෙන ලෙසයි නීතිපතිවරයා විසින් නෞකාවේ නීතීඥවරුන් වෙත දැනුම් දී ඇත්තේ.