Oct
27
එයාර් බෑග් දෝෂය නිසා ටොයොටා ලක්ෂ 58ක් යළි කැඳවේ

යුරෝපය, ජපානය සහ චීනය ආශ්‍රිතව අලෙවි වී ඇති කොරොල්ලා සහ යාරිස් වැනි ටොයොටා රථවලට මෙය බලපෑ හැකි බවයි පැවසෙන්නේ.
ඒවා 2000 වසරේ මැයි සිට 2014 වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ නිෂ්පාදිත රථ බවයි වාර්තා වන්නේ.
ජපානයේ ටකාටා සමාගමේ නිෂ්පාදිත බැලූනවල පොම්පය පුපුරා යාම නිසා යළි කැඳවීම සිදුකර ඇති අතර මෙවැනි දෝෂ මතු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
