Oct
27

ඔව්. මටත් හිතුණා රියැලිටියට බැහැලම බලන්න. ඉතින් දෙරණ ස්ටාර් සිටි සීසන් ටූ එකේ කණ්ඩායමක තරග වදිනවා.
වෙනදා වැඩසටහන් ඉදිරිපත් කළාට මේ තරගෙ ඇතුළෙදි පේසලටත් විනිසුරුවන් කියන දේවල් අහන් ඉන්න වෙයි නේද?
මම ඔය හැමදේටම මුහුණ දෙන්න ලෑස්තියි.
සංගීතය වෙනුවෙන් ගත කරන කාලෙ අඩුයි කියල හිතෙන්නෙ නැද්ද?
සංගීතය තමා මගෙ ලයිෆ් එක. අපි හොඳ දෙයක් කළාම ඒක ප්‍රචාරය වෙන්නෙම නැති තරම්. මමයි ඉරාජුයි හදපු මෙත් බුදු සින්දුව ප්ලේ වෙන්න පෝයක්ම එනකන් ඉන්න වෙනවා. ඕකයි තත්ත්වෙ.
ඉතින් තත්ත්වෙ වෙනස් කරන්න පොඩි ට්‍රයි එකක් වත් දැම්මෙ නැද්ද?
දැන් සමහර නාළිකානෙ සංගීතයට වගකියන්නෙ. ඉන්දියාවෙ උදේට නාළිකාවල බජන් ගීත ඇහෙද්දි අපේ නාළිකාවල උදේට බයිලා ගහනවා.
ඒ කියන්නෙ දැන් සංගීතය ගැන හොඳටම කලකිරිලා එහෙමද?
ඇත්තටම. මේ සිස්ටම් එක මට අල්ලන්නෙ නෑ.
හැබැයි පේෂලගෙ සිස්ටම් එකට කරන චැම්පියන් ස්ටාර් වැඩසටහන නම් ගොඩක් හිට්නෙ?
හිට් වෙන්නෙ ස්ක්‍රිප්ට් එකක් නැතිව වැඩසටහන කරන හින්දා වෙන්න ඇති. අපේ වැඩසටහනේ ඉන්න අයටත් හරි හරි දේවල් වෙන නිසා ගොඩක් අය චැම්පියන් ස්ටාර් මිස් කරන්නෙ නෑ.
ඔය කිව්වට පේෂලගෙ වැඩවලින් සමහරු අපහසුතාවට පත්වෙනවත් ඇති?
වැඩිපුර එහෙම දේවල් වෙන්නෙ අපේ සිඟිතියට. මනෝජ් අයියාට වුණත් සරම හරි ෂෝටක් හරි ඇඳලා මියුසික් කරන්න වෙන්නෙ අපේ වැඩසටහනෙන්.
චැම්පියන් ස්ටාර්ස් වැඩසටහනට එන අයගෙන් බැනුම් අහල නැද්ද?
ඒ වෙලාවට සමහරු මොකක්ද බං ඒ කළේ කියලා කියනවා. හැබැයි වැඩේ ඇත්තනෙ. එකපාරක් මම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයකදී සමිතා අක්කා හාල්, පොල් ගන්න ආපු වෙලාවක එයාවයි කාවින්ද්‍යවයි වැඩසටහනට ගෙනාවා. එයාලා ස්ටූඩියෝ එකට ආවහමයි දන්නෙ චැම්පියන් ස්ටාර්ස් රෙකෝඩින් එකට කියලා.
වැඩේ ඔහොම හිට් එකේ යන අතරෙ පේෂල - සචිනිගෙ අත වැඩිපුර අල්ලලා මුකුළු දාන එකට සචිනිගෙ බෝයි ලෙඩේ ඇද්දෙ නැද්ද?
මං සචිනිගෙ අතින් අල්ලන්නෙ තිරය ඉස්සරහා විතරයි. තිරය පිටිපස්සෙ ඒ වැඩ නෑ. එයාගෙ බෝයි අකැමැතිද කියල මම දන්නෙ නෑ. අනික චැම්පියන් ස්ටාර් සෙට් එකේ වැඩිපුර ඉන්නෙත් කෙල්ලො. මං කාගෙ හරි කරට අතදාන්නෙ වැඩේ කලර් ෆුල් කර ගන්න විතරයි.
මේ දවස්වල ලෑස්තිවෙන අලුත් ගීතය ගැනත් යමක් කියමුද?
'ඉන් නොනැවතී' මගේ අලුත්ම ගීතය. එහි රූප රචනාව ළඟදීම බලාගන්න පුළුවන්. තමන්ගෙ ජීවිතයෙ හොඳම කාලෙ, අඩුපාඩු සහිතව ජීවත්වන අය ඉන් නොනැවතී ඉදිරියට යා යුතු ආකාරය මෙහි කියැවෙනවා. මං හිතනව ඒ ගීතය තවත් සුවිශේෂී එකක් වේවි කියලා.