Oct
05
මධ්‍යම පළාතේ පිරිසක් නිරෝධායනයට
කොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාව සේවය කළඇඟලුම් කම්හලේසේවය කළ මධ්‍යම පළාතේ පිරිසක් හඳුනාගැනීමෙන් පසු මේ වන විට මහනුවර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පුද්ගලයන් දාහත් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය වීරසූරිය මහතා පවසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (05)පැවැති කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන මධ්‍යම පළාත් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේදී පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ඒ බව පැවසීය.
ඒ අනුව මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල අට දෙනා බැගින් ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් අයෙකු ද මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙන බවත් ඔවුන් අතරින් උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ දෙදෙනෙකු පි.සි.අර්.පරීක්ෂණ සඳහා යොමු කළ බවත් ඒ මහතා පැවසීය.
මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසා සිටියේ මෙම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා මධ්‍යම පළාත තුල සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඉතා තදින් ක්‍රියාත්මක කරන බවයි . එම ක්‍රමවේද වලට පටහැනිව කටයුතු කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද පොලිසියට හා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙන බවද ඒ මහතා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න - ada.lk