Election ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Election. Show all posts
Jan 09

2005 ජනාධිපතිවරණයේ සෑම පැත්තකම ජයග්‍රහණය හිමිවී තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහටය. මධ්‍යම පන්තිය, ව්‍යාපාරික හා නාගරික කොට්ඨාසවල ජයග්‍රහණය පිළිබඳව එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හා එහි ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට ඉහළින්ම විශ්වාසයක් තිබුණි. සුළු ජාතීන්ගේ ඡන්දවල වාසියද ඒ වනවිට හිමිවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයටය. පක්ෂ විපක්ෂ බොහෝ දෙනකු අතර මතයක් ගොඩනැගී තිබුණේ 2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉහළින්ම ජයගනු ඇති බවය. එජාප නියෝජ්‍ය ලේකම්වරයා ලෙස තිස්ස අත්තනායකට ජනාධිපතිවරණයේදී එජාපයේ බර සම්පූර්ණයෙන් ඉසිලීමට සිදුවිය. එවක එජාප මහ ලේකම්වරයා වූයේ එන්. වී. කේ. කේ. වේරගොඩ මහතාය. ඔහුට තිබුණේ පක්ෂයේ පරිපාලනය පිළිබඳව දැනුමක් මිස මැතිවරණ පිළිබඳව දැනුමක් නොවේය.
Aug 15

මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
Aug 06

ඊයේ ඡන්ද විමසීම පැවතෙද්දී නිකවැරටිය ප්‍රදේශයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකු කටයුතු කළ ආකාරය පිලිකුල් සහගත සිදුවීමක් යැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.
Aug 05

09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා  පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 07ට ආරම්භ වුනා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 12,985කදීයි. ඡන්දය භාවිත කිරීම සදහා මෙවර සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ මැතිවරණයට තරග කරනවා. මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 160ක් වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් 196 ක් තෝරා පත් කර ගැනීමට නියමිතයි. සෙසු මන්ත‍්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගැනෙනවා.
Aug 04

මරණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මෙවර මැතිවරණයට සඳහා තරග කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
Aug 04

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින් අපේක්ෂකයෙකුගේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Aug 04

තමනට හොඳටම අසනීප වී ඇති බවට සමාජ ජාලා වල වාර්තා පල වන්නේ යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Aug 03

තමන් සහ සනත් ජයසූරිය දෙදෙනාගෙන් දේශපාලනඥයන්ගේ ආධාර වරුන් පිසිසක් ‘ඔයාලා කවුද’ දැයි විමසූ බව ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.
Aug 03

මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මැතිවරණයෙන් ස්ථිර වශයෙන්ම ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Aug 01

සජිත්ගෙ පිරිසක් නාමල්ගෙ නම භාවිතා කරලා පොදු ජනතාව අපහසුතාවට පත් කර තිබෙනවා මේ පිලිබද අදහස් දැක්වු නාමල් රාජපක්ශ මහතා පැවසුවෙ මෙවැන්නක්
Aug 01

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට තම පදනම මගින් උපකාර කරන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.
Jul 31

මෙවර මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 5000 බැගින් මුදල් ඡන්ද දායකයන්ට බෙදා දී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Jul 29

එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපූ නියෝජිතයින්ගේ නම් ලැයිස්තුව අද ප්‍රකාශයට පත්කෙරුණු අතර, එම ලැයිස්තුවේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයින් රැසකගේ නම් නොතිබීම විශේෂත්වයක්.
Jul 29

පක්‍ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙනුවට අලූත් මන්තී‍්‍රවරුන් පිිරිසක් පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමටද කටයුතු කර ඇති බවයි.
Jul 27

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන වේදිකාවට ගොඩ වී ඇත්තේ ක‍්‍රීකට් ප‍්‍රශ්ණයකට නොව ව්‍යාපාරික උවමනාවක් නිසා බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.
Jul 26

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහා ස්වාධින කණ්ඩායම් දෙක යටතේ අඹ ගෙඩිය සලකුණ යටතේ තරග කරන අපෙක්ෂකයෙකුට නාදුනන පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වි ඇත.
Jul 25

ඉදිරි මහ මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගැනීමෙන් පසුව පිහිටුවන නව රජයේ ඇමති මණ්ඩලයේ ඇමති තනතුරු තුනක් පමණ හිස්ව තැබීමට තීරණය කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
Jul 24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් යයි සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේක්ෂිකාවක් තමන්ගේ අදහස විමසා එවා තිබූ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Jul 23

මෙම මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයෙකුගේ වාහනයක හැපී පාපැදිකරුවෙකු මරණයට පත්වී තිබේ.
Jul 18

අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අවසන් වනතෙක් පාසල් වසා තැබිය යුතු බවට, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවල ඇතුළත් බව වාර්තා වනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.