Jul 26

අපෙක්ෂකයෙකුට මැර ප්‍රහාරයක්, ගිලන් රියෙන් රෝහලට


නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහා ස්වාධින කණ්ඩායම් දෙක යටතේ අඹ ගෙඩිය සලකුණ යටතේ තරග කරන අපෙක්ෂකයෙකුට නාදුනන පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වි ඇත.

බගවන්තලාව කැම්පියන් වතු යායේ පදිංචි කනගරත්නම් රාජා නැමති අපෙක්ෂකයා (25) දින දවස පුරා බගවන්තලාව ප්‍රදේශයේ වතු ආශ්‍රිතව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර (25) දින රාත්‍රි ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු සමග හැටන් දික්ඔය ප්‍රදේශයට ගොස් ආපසු එන අතුරතුර බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයට රාත්‍රි 7.30 ට පමණ මුලින්ම ගල් ප්‍රහාරයක් එල්ල වි ඇත.

ත්‍රිරෝද රථයට ගල් ප්‍රහාරය එල්ල විමත් සමග ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය නතර කල රියදුරා එය පරික්ෂා කර බැලිමට ත්‍රිරෝදරථයෙන් බසිනවාත් සමග මුගුරු අතතිව පැමිණි නාදුනන සිව්දෙනෙක් ත්‍රිරෝද රථයේ සිටි අපෙක්ෂකයා බිමට ඇද දමා පහර දි තුවාල සිදු කර ඔහුගේ ආධාරකරුවන්ට ද පහර දි පලා ගොස් ඇත.

උඹලා තේ දළු කඩන්න , උඹලට ජන්දය ඉල්ලන්න කිසිය අයිතියක් නැ යනුවෙන් තමන්ට පහර දුන් බවත් , පහර දිමට පෙර දින තම දුරකථනයට තර්ජනාත්මක ඇමතුම් කිහිපයක් ලැබුණු බවත් , ඒ පිලිබදව තමන් බගවන්තලාව පොලිසියට පැමිණිලි කල බවයි කනගරත්නම් රාජා කියා සිටියේ.

පහර කැමෙන් තුවාල ලැබු අපෙක්ෂකායව ඔහුගේ ආධාරකරුවන් විසින් 1990 සුව සැරිය මගින් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් තුවාල කරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙම පහර දිම සම්බන්ධයෙන් අප බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි.

- හැටන් රංජිත් රාජපක්ෂ
- Lanka C News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.