Jul 18

මැතිවරණය අවසන් වන තෙක් පාසල් වසා තබන්න


අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අවසන් වනතෙක් පාසල් වසා තැබිය යුතු බවට, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවල ඇතුළත් බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු ඒ බව තහවුරු කළා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදී ඇති අදාළ සෞඛ්‍ය නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර පාසල් යළි විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා ඔහු සඳහන් කළේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව පමණක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෙවන වරටත් වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් අතර අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

එසේම උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුවීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර එළඹෙන මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අගෝස්තු 05 වනදා තෙක් පාසල් වසා තැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප‍්‍රචාර සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විමසීමක් කළා.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරන නිල ප‍්‍රකාශ සහ නිවේදන පිළිබඳ පමණක් අවධානය යොමු කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.