Jul 18

‘මාව දකිනකොටත් සමහරුන්ට කේන්ති යනවා’’


සිය රංගන දිවියේ දී විමාන කළ චරිත තුළ ජීවත්වෙමින් දක්වන ලද තාත්විකභාවය නිසාවෙන්ම ඇය දක්ෂ නිරූපණවේදිනියක බව මේ වන විට ද ඔප්පුකර හමාරය. මේ දිනවල උසස් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයනට නතුව විකාශය වන ‘දෙවැනි ඉනිම’ මාලා නාටකයේ ‘අමීෂා’ චරිතය ද එයට තවත් උදාහරණ එක් කරන මොහොතක අප ඒ දක්ෂ, සොඳුරු රංගනවේදිනියගේ හඬ අවදි කිරීමට මෙලෙස ඉඩ හසර වෙන් කළෙමු. ඕ, අන්ජුලා රාජපක්ෂ නම් වන්නීය.

 ‘අමීෂා’ට ලැබෙන ප්‍රතිචාර ගැන පවසමින් කතාව ඇරඹුවොත්…

කියන්න සතුටුයි. ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ආදරණීයයි. ‘අමීෂා’ නිසා මම තවත් ජනපි‍්‍රය වුණා කියලා පැවසීමත් සතුටක්. සමහරු මට දැන් කතා කරන්නෙත් ‘අමීෂා’ කියලා.

 ඇත්තටම ජනතාව අතර මේ තරම් වෛරයට පාත‍්‍ර වූ ‘අමීෂා’ වගේ චරිත අපේ සමාජයේ ඉන්නවා ද…

ඇත්තම කීවොත්, අපේ සමාජයේ අමීෂලා බහුලයි. ඒ නිසා වෙන්න ඇති මාව දකින කොටත් සමහරුන්ට කේන්ති යන්නේ. තවත් සමහරු මට බණිනවා. මම චරිතයට කරපු සාධාරණය මේ සමාජයෙන් අත්විඳිනවා. ඒක හරි අපූරු අත්දැකීමක්. මම මීට පෙර නපුරු චරිත කරලා තියනවා. ඒත් ඒ අතරින් පේ‍්‍රක්ෂක අවධානය වැඩිපුරම දිනා ගත්තේ අමීෂා කියලා කියන්න පුඵවන්. චරිතයට වැඩිපුරම බණිනව කියන්නෙත් මගේ නිරූපණයේ සාර්ථකත්වය. ඉතිං..ඒ ගැන අවංකවම සතුටුයි.

 ඔබ ටිකක් කේන්තිකාර චරිතයක් වගේ පේන්න තියනවා. මම අහන්නේ සැබෑ ජීවිතයේ දී ඔබ ඇත්තටම කුමනාකාරයේ චරිතයක් ද…

අනේ මම සාමාන්‍ය චරිතයක්. මට එහෙමට තරහ යන්නෙ නැහැ. මම හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. හැබැයි මට තරහ යන්නේම නෑ කියලා ඒකෙන් කියවෙන්නෙ නෑ. හැබැයි තරහ ගියත් ටික වෙලාවයි. ඇදගෙන යෑමක් නෑ. කොහොම වුණත් චරිතවලින් මිනිස්සු මනින්න බෑනේ. අහිංසකයි කියන සමහර චරිතත් එහෙමම නෑනේ නේද?

 ඔබේ කලා දිවිය අද දශක දෙකත් පසුකරගෙන යන්නක්. ඇත්තටම කලා ශිල්පිනියක ලෙස කළ කී දෑ පිළිබඳව සෑහීමකට පත්ව ද සිටින්නේ…

කෙටි පිළිතුරක් දුන්නොත් ඔව්. මම මගේ රංගන දිවියේ දී වැඩි අවධානයක් යොමු කළේ පුංචි තිරයට. මට වැඩිපුර ආරාධනා ලැබුණෙත් ඒ වෙනුවෙන්. ටෙලි නාට්‍ය තුන්සියයකට වඩා රඟ පෑවා. උපුලී, පේ‍්‍රම පාරමී, කනේරු, ඕලූ, සිහින සමාගම, සිහිනි, සොඳුරු දඩයක්කාරයා, ගෞතමී ඒ අතරින් කිහිපයක් පමණයි. චිත‍්‍රපට කිහිපයකත් මම රඟපෑවා. පෙම් කැකුළ, මගේ වම් අත, සෙව්වන්දි, මගේ මතකයේ තිබෙනවා. මේ සෑම තැනකදීම මා රඟපෑවේ ප‍්‍රවීණ සිනමාවේදීන් යටතේ. මගේ කැමැත්ත තියෙන්නෙ කලාත්මක සිනමාවට. පාවෙන චරිත කරන්න කැමැත්තක් නෑ. හැබැයි ඉදිරියේ දී ඉතාමත් හොඳ චරිතයකට ජීවය ලබා දීමේ සූදානමින් මා පසුවෙනවා කීවොත් එය නිවැරදියි.

 වේදිකාව වෙනුවෙන් දැක්වූ ඔබේ දායකත්වය ප‍්‍රමාණවත් නොවන්නක් නේද…

ඇත්ත. මම වෘත්තීයමය ටෙලි නාට්‍ය නිළියක විදිහට තමයි, මේ කලාව ඇතුළේ ජීවත් වෙන්නේ. ඉතිං.. වේදිකාව වෙනුවෙන් ලැබුණු ආරාධනා බොහොමයක් බැහැර කරන්න වුණෙත් ඒ නිසාවෙන්. වසර දෙකකට උඩ දී මම ප‍්‍රවීණ කලා ශිල්පී සරත් කුලාංග මහතාගේ ‘ඊගාව ගේ’ සහ නාට්‍යවේදී අතුල වී. සමරවීර මහතාගේ ‘රයිගමයයි ගම්පළයයි’ කියන නාට්‍ය දෙකේ රඟපෑවා. ගිය වසරේ බෝම්බ සිද්ධිය නිසාත් මේ වසරේ කොරෝනා තත්ත්වය නිසාත් වේදිකාවේ කරන්න තිබුණු වැඩ කිහිපයක් අතහැර දමන්න සිදු වුණා.

 නිවේදිකාවක ලෙස යමින් සිටි ගමන නතර කළා ද…

නැහැ. මම අපේ රටේ රූපවාහිනි නාලිකා කිහිපයක නිවේදිකාවක ලෙස කටයුතු කළා. ඒ තුළින් මගේ නිවේදනයට ඇති හැකියාව එළිදැක්වීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම යහපත් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබුවා.

 රංගන ශිල්පිනියක් වීමට ‘ලස්සන’ විතරක් ප‍්‍රමාණවත් ද…

නැහැ. ලස්සන විතරක් තිබිලා කලාවේ දුර යන්න බැහැ. හැකියාව, කැපවීම, නිහතමානීවීම, හැදෑරීම, වෙලාවට වැඩ කිරීම, බුද්ධිමත්වීම සහ ප‍්‍රවීණයින් සමඟ සුහදව වැඩ කිරීමත් දත යුතුයි. මේ ගුණාංග හැකි තරම් අනුගමනය කළහොත් කලාව සමග දිගු ගමණක් යා හැකි බව මා අත්දැකීමෙන් දන්නා දෙයක්. ‘ලස්සන’ නිසා එක රැයකින් ජනපි‍්‍රයව ලොකු ගමනක් යෑමට සිතූ අයත් ඉන්නවා. හැබැයි ඒවා තාවකාලිකයි.

අභියෝගයන්ට මුහුණ දීමේ දී ඔබ සාර්ථක චරිතයක් ද…

නිසැකවම ඔව්. ඉහතින් සඳහන් කළ කරුණු මේ උත්තරයටත් ගන්න පුඵවන්. බුද්ධිමත්ව තැනට සුදුසු විදිහට වැඩ කළොත් අභියෝගයන්ට අභියෝගයක් විය හැකියි. මගේ ජීවිතයෙත් යම් කඩා වැටීම් තිබුණා. ඒත් මම එවැනි තැන් පසු කළා. ජය ගත්තා. හැබැයි අභියෝග ජය ගන්න පෙර වාසනාවත් තිබිය යුතුයි. මට එය තිබුණා කියලා හිතනවා. ඒ වගේම අපි කරන දේට අවංකව රෙස්පෙක්ට් කරනවා නම් කිසිවක් වරදින්න විදිහක් නැහැ.

- සුජීව තත්සර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.