Jan
14
“වෙ'ඩි 11ක් වැදුණා, මිනිහවත් දැක්කා, තුවක්කුවත් දැක්කා..”
“අපේ ළමෙකුටත් වෙඩි තියලා යයි මෙහෙම ගියොත්.....”
තම දරුවා සපා කෑ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් දඹුල්ල - හල්මිල්ලෑව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පුද්ගලයා මීට පෙරද සුනඛයින් ඝාතනය කර ඇති බවයි.
දඹුල්ල - හල්මිල්ලෑව ප්‍ර දේශයේ නිවසක සුරතලයට ඇතිකළ සුනඛයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඊයේ රාත්‍රියේයි.
සුනඛයාගේ හිමිකරුවන් පවසන්නේ මෙම පුද්ගලයාගේ දරුවා සුනඛයා විසින් සපාකෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍ර දේශවාසීන් පවසන්නේ මෙලෙස ඝාතනය කෙරුණු සුනඛයා කුඩා දරුවන්ට ඉතා සමීප සත්ත්වයෙකු බවයි.
සුනඛයාට වෙඩි තැබූ පුද්ගලයාගේ බිරිඳ අදාළ සිද්ධියෙන් අනතුරුව නිවෙස් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යොමුනොවන ලෙසයි.
කෙසේ වෙතත් සුනඛයාගේ හිමිකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පසුව ගල්කිරියාගම පොලිසිය විසින් මෙම සිද්ධියට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.