Jan
06
ෆේස්බුක් කණ්ඩායමක් මහනුවර රෝහලට PCR යන්ත්‍රයක් ලබාදෙයි
මුහුණු පොතේ කණ්ඩායමක් නිර්මාණය කර දින 40 ක් තුළ රුපියල් ලක්ෂ 48 ක් වටිනා පීසීආර් යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට ලබාදීමට තරුණ කණ්ඩායමක් සමත් වෙති. අදාළ පීසීආර් යන්ත්‍රය පසුගිය (01 වැනිදා) දින රෝහලට භාර දී තිබේ.
මෙම පීසීආර් යන්ත්‍රය මිලට ගැනීම සඳහා වැය වූ මුදලින් රුපියල් ලක්ෂ 30 කට මුහුණු පොතේ කණ්ඩායම විසින් සොයාගනු ලැබූ බවත්, එම කණ්ඩායමට 4000 ක පමණ පරිසක් එක්ව සිටි බවත් මහනුවර ජාතික රෝහලට පීසීආර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සංසදය’ නමැති ගිණුමේ ඇඩ්මින්වරයකු ලෙස කටයුතු කළ රොෂාන් තල්පාවිල කියයි.
පීසීආර් යන්ත්‍රයක් රෝහලට ලබාගැනීම සඳහා මහනුවර ජාතික රෝහලේ සංවර්ධන කමිටුව මගින් පවත්වාගෙන ගිය ගිණුමක එකතු වී තිබුණු මුදල්ද යොදවා පීසීආර් යන්ත්‍රය මිලට ගත් බවත්, ඊට අදාළ කටයුතු සියල්ල රෝහල් කමිටුවේ සභාපති මොහාන් සමරකෝන්ගේ මෙහෙයවීමෙන් සිදු කළ බව තල්පාවිල මහතා සඳහන් කරයි.
කමල් සුරවීර – මහනුවර