May
26
අනියම් පෙම එක්ක ස්වයං නිරෝධානයට ගිය දෙදරු පියා !
අසනීපව සිටින බිරිඳ රැකබලාගැනීමට පිටස්තර සිටින දරු දෙදෙනා නිවසට ගෙන්වා සැමියා සිය කැමැත්තෙන්ම නිරෝධායනය වීමට ගිය පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඔහු විවාහක දෙදරු පියෙක්. තම බිරිඳ අංශභාග රෝගය වැළඳී කාලයක සිට නිවසේ රැඳී ප්‍රතිකාර මත පසුවන්නෙක්.
ඔහුගේ වැඩිමල් පුතාත්, බාල දියණියත්, විවාහ වී පිට පළාත්වල වාසය කරනවා.
ඇඳිරි නීතිය පනවන කාලසීමාව තුළ නිවසේ පසුවූ පියා තම දරුවන් අමතකා කියා ඇත්තේ, අම්මාට අසනීප වී ඇති බැවින් වහාම නිවසට පැමිණෙන ලෙසයි.
ඒ අනුව බස්නාහිර පළාතේ ජීවත් වෙන පුතා හා දියණිය වහාම අදාළ පොලිස් ස්ථාන වෙත ගොස් ඇඳිරි නීති බලපත්‍ර සකසාගෙන නිවෙසට පැමිණ ඇත්තේ පියාගේ දැනුවත් කිරීමට අනුව අම්මා අසනීපයෙන් පසුවන නිසා ඇයට ප්‍රතිකාර ලබා දී ඇය රැකබලා ගැනීමටයි.
දුව දරුවන් හා විවාහක බෑනා සමඟින්ද අලුත විවාහක පුතු තම ලේලිය සමඟින්ද නිවසට පැමිණි පසුව පියා හදිසියේ නිවසින් අතුරුදහන්ව තිබෙනවා.
ඒ ගැන සොයා බැලීමේදී පියා අනියම් ඇසුරක් පවත්වන විවාහයෙන් වෙන්ව සිටින එක්දරු මවකගේ නිවසට ගොස් ඇති බවත්, ඇය ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බැවින්, එහි ගිය මෙම තැනැත්තා ද මහජන පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් දින 14කට එහි සවයං නිරෝධායනයට ලක් කර ඇති බවත් තම දරුවන්ට එහිදී දැන ගන්නට ලැබී තිබෙනවා.
ඒ පිළිබඳව දරුවන් පොලිසියට පැමිණිලි කිරීමට ගොස් ඇතත්, දින 14 කාලය ඉක්මවා යනතුරු සිද්ධිය සම්බන්ධව පැමිණිල්ල විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පොලිසිය පැවසීමෙන් අනතුරුව දරුවන්ගේ පියා හිතාමතාම දරුවන් නිවසට කැඳවා සිය කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනට ලක්ව ඇති අනියම් ඇසුර පවත්වන එම නිවසට ගොස් ඇති බවට එම දරුවන්ට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
උපුටා ගැනුම - ලංකාදීප