May
26
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංඛගෙ ගිවිසුම අහෝසි කරයි
රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමින් යුත් හෙරොයින් ළඟ තබාගෙන ඇති බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංක ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (24 වැනිදා) නියෝග කළේය.
ශෙහාන් මධුසංක මෙම හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබුණේ පන්නල ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදීය. ප්‍රදේශවාසියෙකු විසින් පන්නල පොලීසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් කළ වැටලීමකදී ෂෙහාන් මධුසංක හෙරොයින් සමග අත්අඩංගුවට පත්වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.
ෂෙහාන් මධුසංක බංගලිදේශය සමග පැවැති තම ප්‍රථම ක්‍රිකට් තරගයේදීම කඩුළු ත්‍රිත්වයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියේ ශෙහාන් මධුසංක හෙරොයින් භාවිතයට මෙන්ම එම ව්‍යාපාරයටද සම්බන්ධවී සිටින බවට සැකකරන බවත් එ් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යන බවත්ය.
මෙ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා එල්ල එල්ල වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ෂෙහාන් මධුසංඛගේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව කියා සිටියේය. ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගත කරන ලද පළමු අවස්ථාව මෙයයි.