Dec
29
12 හැවිරිදි පාසල් සිසුවා රෙදි පටියකින් මදුරු දැල් කොක්කේ එල්ලී මරුට
හය හැවිරිදි සහෝදරිය සමඟ නිවසේ සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් (නැප්කින්) සාදාගත් පටියක් මගින් මදුරු දැල එල්ලීම සඳහා උපයෝගි කරගන්නා කොක්ක මත එල්ලෙමින් තිබෙන දුටු දෙවෙනි මව දරුවා එයින් ගලවාගෙන රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පිළියන්දල පොලිසිය පවසයි.
පසුගිය(27) දින සවස සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව තානායම පාර පදිංචිව සිටි කවින් සඳරූ විජේවර්ධන යන දොළොස් හැවිරිදි සිසුවෙක් බවද පොලිසිය පවසයි.
මියගිය දරුවා පියාගේ පළමු විවාහයේ දරුවෙකු බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවත් පියා රැකියාවටද මව වෙළඳසැලකටද ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති බවට නිවැසියන්ගේ ප්‍රකාශවලින් අනාවරණ වූ බවද පොලිස් නිලධාරියකු පැවැසීය.දරුවාගේ සිරුර එල්ලෙමින් තිබූ ඇඳ මත කුඩා ප්ලාස්ටික් බංකුවක් ද තිබී ඇති අතර එම බංකුව උඩුබැලි අතට පෙරළී තිබූ බවද පොලිසිය විසින් සිදුකළ සිදුකළ පරීක්ෂණයේදී හමුවූ බවද එම නිලධාරියා පැවසීය.
දරුවාගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට දරුවාගේ පියා පවසන බව පොලිසිය සඳහන් කරයි.
මියගිය දරුවාගේ ගෙල දෙපස කළු පැහැ ගැන්වී ඇති බවට පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වූ බවද පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් වැඩිදුරටත් කරයි.
සිද්ධිය වූ ස්ථානයේ ස්ථානික පරීක්ෂණය සඳහා පැමිණි කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් කේශා ජයවර්ධන මහත්මිය මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට නියෝග කළාය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පේ‍්‍රමරත්න, පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහත්වරුන්ගේ අධීක්ෂණය මත පිලියන්දල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (87669) ජයරත්න, (91905) දිනේශ් මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.
එස්. ඞී. අබේසිංහ - මහරගම