Dec 29

ඥානදීප හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර නාවික හමුදාවෙන් ඉදිකළ චෛත්‍යය බැති පුදට


අපවත්වී වදාළ අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයෙහි නාවික හමුදා මුල්‍ය සහ ශ‍්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද චෛත්‍යය පසුගියදා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් සැදැහැති බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනාව පිණිස පූජා කරනු ලැබීය.

අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කර පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අපවත්වී වදාළ අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා කුඩාකත්නෝරුව වේදෙණිගම ඇත්දළගල ආරණ්‍ය සේනාසනාධිපති කරන්දෙණියේ ඥානවීර ස්වාමීන් වහන්සේගේ හා කහත්තේවෙල සුගතවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීමෙන් මෙම චෛත්‍යයෙහි ඉදිකිරීම් කටයුතු ඔක්තෝබර් මාසයේ නාවික හමුදාව විසින් ආරම්භ කරන ලදි.

ඉදිකිරීම් අවසන් කරන ලද මෙම චෛත්‍ය ගර්භයෙහි අපවත්වී වදාළ අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර සැදැහැති බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනාව පිණිස පූජා කිරීම, මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ නාවික හමුදාධිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා සිදු කරන ලද අතර, චෛත්‍යයේ කොත් කැරැුල්ල නිරාවරණය කිරීමෙන් අනතුරුව ආගමික වත්පිළිවෙත් සිදු කිරීමට ද නාවික හමුදාධිපතිවරයා සහභාගී විය.

චතුර පමුණුව
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.