Oct
19
පැමිණිල්ලක් දැමීමට පැමිණි තරුණයන්ට මිරිහාන පොලීසියෙන් ප්‍රහාරයක් (වීඩියෝ)
ඉකුත් ඔක්තෝබර් 05 වන දා රාත්‍රි පැමිණිල්ලක් දැමීමට පැමිණි තරුණයන් පිරිසකට මිරිහාන පොලීසිය විසින් එල්ල කෙරූ අමානුෂික ප්‍රහාරය ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරමින්, කෘර වධ හිංසා පමුණුවමින්, තම බලය අවභාවිතා කෙරූ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව යුක්තිය සහ සාධාරණය ඉටු කරන ලෙස අගතියට පත් සියලු දෙනා ඉල්ලා සිටිති.
අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ තරුණයා සිද්ධිය සම්බන්ධව පවසා සිටියේ
" සිවිල් ඇඳුමෙන් හිටපු දෙදෙනෙක් ස්කූටරෙකෙන් බැහැලා මගෙන් හැඳුනුම් පත ඉල්ලුවා. පස්සේ මම එයාලට කිව්වා ඔයගොල්ලෝ කවුද ඔයාලා පොලිසියේ නම් කියන්න මම එවිට හැඳුනුම්පත දෙන්නම් කියලා. එවිට ඔවුන් කිව්වා උඔ කවුද අපෙන් හැඳුනුම්පත් ඉල්ලන්න කියලා එයා එක්ක හිටපු අනික් පුද්ගලයට කිව්වා ස්කූටරයෙන් පොල්ලක් ගේන්න කියලා පොල්ලෙන් මට පහර දීගෙන දීගෙන ගියා. එවෙලේ මම ගියා මගේ යාලුවෙකුගේ නිවෙසකට දුවගෙන. එවෙලෙම මගේ යාලුවොයි සහෝදරයනුයි ආවා. සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයන් දෙදෙනා තව දෙදෙනෙක් ගෙන්න ගත්තා බයික් එකකින්, ඒ දෙදෙනා එවිට තමයි පැවසුවේ ඔවුන් පොලිසියෙන් බව. පසුව අපි පොලිස් ස්ථානයට ගිය ගමන් එතන ඒ අවස්ථාව භාරව සිටි එස්අයි මහත්තයා අපේ පැමිණිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කරා. ඒ අවස්ථාවේදී අර සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයන් දෙදෙනා පොල්ල පොලිස් ස්ථානයට රැගෙනවිත් පොල්ල පොලිස් ස්ථායේ සැඟවුවා.
මිරිහාන පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී වන කාන් වීරසිංහ මහතා එතනට පැමිණියා සිවිල් ඇඳුමෙන් තව නිලධාරීන් පස් දෙනෙක් සමග, ඇවිත් මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ මගේ බෙල්ලෙන් අල්ලලා මට ගහලා එහෙමම ගියා වීඩියෝ කර කර හිටපු එක්කෙනා ගාවට, උඔ කොහොමද පොලිසිය ඇතුලේ වීඩියෝ කරන්නේ කියලා එයාටත් ගහලා එයාගේ කැමරාවත් ෆෝන් එකත් උදුරගෙන ඒක බේරගන්න ආව යාලුවාටත් ගහලා අපි අටදෙනාම පොලිස් කාමරයක් ඇතුළට දාලා 15 දෙනෙක් විතර අපිට පහර දුන්නා. අර එස්අයි මහත්තයාට කිව්වා එමර්ජන්සි බෙල් එක ගහන්න කියලා. එමර්ජන්සි බෙල් එක ගහපුගමන් විස්සක් විසි පහක් පමණ කණ්ඩායමක් පොලිසිය ඇතුලට කඩාගෙන බිඳගෙන ආවා හයියෙන් කෑගහගෙන. පසුව 40 විතර ප්‍රමාණයක් අපිට ගැහුවා. ඊට පස්සේ කූඩුව ඇතුලට දාලා ආයිත් ගැහුවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිව අරන් ගියා ට්‍රක් එකක දාගෙන. ඒකේ අතුලට වීරසිංහ මහත්තයා නැග්ගා පිස්තෝලයක් එක්ක අද උඔලබ මරනවා කියලා තර්ජනය කරගෙන. පස්සේ අපිව වැල්ලවත්ත පොලිසිය ගාවට ඒ ගිහිල්ලා මෙතන හරියන්නේ නැහැ කියලා ආයිත් ගියා වැල්ලවත්ත ජේඑම්ඕ ගාවට එයා ඉන්න එපාට්මන්ට් එකට. කොහෙන්ද අහුලගත්ත ගඳගහන දුඔුරුපාට වෙච්ච මාස්ක් එකක්, අපි ඔක්කෝටම ඒක තමයි පාවිච්චි කරන්න දුන්නේ මාරුවෙන් මාරුවට. ඊට පස්සේ මගේ යාලුවෙක්වයි මාවයි උසාවි දාලා අනික් අයට පොලිස් ඇප දුන්නා."
එම අවස්ථාවේ පහරකෑමට ලක්වූ තම පුත්‍රයා බැලීම සඳහා මිරිහාන පොලිසිය වෙත පැමිණි දොස්තර බ්‍රිගේඩියර් එස්.ඩී.සී ද සිල්වා පවසා සිටියේ
" මම මගේ ප්‍රත්‍රයාත් එක්ක කතා කරනකොට එතන හිටපු පොලිස් නිලධාරියෙක් මා ලඟට ඇවිල්ලා මගේ බෙල්ලෙන් අල්ලලා කූඩුවට තල්ලු කරන්න හැදුවා. පස්සේ එයා මගේ ෆෝන් එක උදුරගෙන බැලුවා. පස්සේ ඔහු මට පිටට පහරක් දීල කොලරෙකෙනුයි බෙල්ලෙනුයි අල්ලගෙන තල්ලුකරගෙන යද්දි මම කිව්වා ඔහුට මම ඩොක්ටර් කෙනෙක් කියලා. නමුත් ඔහු සතපහකටවත් එය ගණන් ගත්තේ නැහැ. මාව අල්ලලා දොරෙන් එලියට තල්ලු කරා."
කර්නල් සමන් වෙදගම.
මෙම දරුවන්ට සිදුවූ අමානුෂික හිරිහැර සම්බන්ධයෙන් විමසීමට ගිය යුධහමුදා බුද්ධි අංශයේ හිටපු කර්නල්වරයෙක් වන සමන් වෙදගම මහතා පවසා සිටියේ එම අවස්ථාවේ මෙම දරුවන් අට දෙනාගේ ඇඳුම් ඉරා ඉතාමත්ම අමානුෂික ආකාරයෙන් පාපාරවල් දී එක් නිලධාරියෙකු පිස්තෝලයක් පෙන්වා ඔවුන් මරා දමන බවට තර්ජනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ
"ගොඩක්කල් පොලිසියත් එක්ක වැඩ කරලා මමත් නීතිය හොඳට දන්න කෙනෙක් මේ සිදුවීම අපේ බ්‍රිගේඩියර් මට දැනුම්දුන් අවස්ථාවේ මම පොලිසියට ගියා. ඒ යන අවස්ථාවේ මා දුටුවේ මේ දරුවෝ අට දෙනාට ෂර්ට් ගලවලා ෂර්ට් ඉරලා පාපහරවල් දීලා මම ලඟය ගිහින් බැලුවා , මාංචු දාලා අසාමාන්‍ය විදිහට හිරිහැර කරලා තිබෙන බව. ඒක මේ දරුවන්ට කරපු විශාල අසාධාරණයක්. විශේෂයෙන් මට කියන්න තිබෙන්නේ ඒ ටික තමයි මොකද මම එතන වැඩි වේලාවක් රැඳී නොසිටි නිසා. ඒ අවස්ථාවේ එම දරුවෝ මට කියා සිටියා ඒ අවස්ථාවේදී කුඩු දාලා ඇතුළට දාන කතාව. ඊගාවට පිස්තෝලයක් අරන් එක නිලධාරියෙක් ඔවුන්ට ත්‍රෙඩ් කරපු ආකාරය, ඒ අවස්ථාවේදී මේ දරුවෝ ගොඩක් බයවෙලා හිටියේ මම දුටුවා. පසුව දරුවන් දෙදෙනෙකුට වමනය ගොස් අමාරු වුන නිසා ජාතික රෝහලට ඇතුළත් කරා. මේ සම්බන්ධව සියලුම වෛද්‍ය වාර්තා තියෙනවා සියලුම සාක්ෂි තියෙනවා. මේ වගේ සිදුවීම් මේ රටේ මින් ඉදිරියටත් නොවන විදිහටත් මේ දරුවන්ට සාධාරණය ඉටු කළ යුතුයි කියන එක තමයි අපේ එකම ඉල්ලීම ඒක ඉටු කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා"
තරුණයන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥ ජනජිත සිල්වා මහාතා ප්‍රකාශ කර සිටියේ
මිරිහාන පොලිසියේ ඇතිවුණ සිද්ධියේදී ඒ සම්බන්ධයෙන් මගේ සේවා දායකයා විදිහට දෙමව්පියන්ගේ සේවය ලබාගනිමින් ඉන්නවා මේ වෙනකොටත් දෙමව්පියන් විසින් පොලිස්පති සහන මැදිරියටත් මානවහිමිකම් කොමිසමටත් පැමිණිලි කරලා තිබෙනවා. නීතිඥවරු විදිහට මේ සිද්ධිය ගැන ඇහුවහම අපිට පැහැදිළිවම පේනවා බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනයක් වී තිබෙනවා. ඒ අනුව මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් මූලික අතියිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට උපදෙස් ලබා දීල තිබෙනවා. ඒ අනුව කටයුතු කරන්න කියලා අපිට උපදෙස් ලැබිලා තිබෙනවා.
ඇත්තටම පොලිසිය මෙම සිදුකර ඇති පහරදීම වදබන්ධන පනත යටතට ගැනෙන වරදක් වගේම දුරකතනයක් පොලවේ ගහලා තියෙනවා එතන පැහැදිලිවම අනර්ථයක් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට විරුද්ධව විමර්ශනයක් සිදුවන්නේ නැත්නම් අභියාචනාධිකරණයට ගිහිල්ලා රිට් පෙත්සමක් මගින් නියෝගයක් ලබා ගන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් තිබෙන නීතිමය තත්වය.

අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ තරුණයාගේ පියා
මාගේ පුතා අැතුලු දරුවන් 8 දෙනෙකුට මිරිහාන පොලීසිය විසින් අමානුෂික ලෙස පහර දෙන ලදී. මෙම වීඩියෝ පටය ඔබේ මිතුරන් සමග හැකි තරම් හුවමාරු කර ඉදිරියට තරුණ ළමයින්ට මෙවැනි අසාධාරණ ක්‍රියාකාරකම් ලංකාවේ පොලීසිය මගින් සිදුවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කරන්න.
රොෂාන් ගුණවර්ධන
මිරිහානේ පොලිස් පහරදීමක් ගැන පොලීසියෙන් වෙනම විමර්ශනයක්🔺මිරිහානේ පොලිස් පහරදීමක් ගැන පොලීසියෙන් වෙනම විමර්ශනයක් #lka #News1st #ULB #Mirihana #Police
Posted by Newsfirst.lk on Thursday, October 15, 2020