Oct 19

වසර 70 කට පසු කාන්තාවකට මරණ දඬුවම


ජාතික මට්ටමෙන් මෙන්ම ඇතැම් ප්‍රාන්තවල වෙන් වෙන් වශයෙන්ද තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක වේ. මේ ආකාරයෙන් ඇමරිකාව තුළ ජාතික මට්ටමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන අවස්ථාවක් ගැන මේ දිනවල අවධානය යොමුව තිබේ.

මෙවර මරණ දඬුවම ලබා දීමට යන්නේ කාන්තාවකට වීම විශේෂත්වයක් වන අතර කාන්තාවකට මෙලෙස මරණ දඬුවම ලබා දීමට යන්නේ වසර 70 ක පමණ කාලයකට පසුව බව සඳහන් වේ. මෙයට පෙර කාන්තාවකට මේ අන්දමින් මරණ දඬුවම ලබා දී තිබුණේ 1953 වසරේය.

මෙවර මෙම දඬුවම ලැබීමට යන ලීසා මොන්ට්ගොමරිට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ ගැබිනි කාන්තාවකගේ ගෙල සිරකර මරා ඇයගේ සිරුර කපා දරුවා සොරා ගැනීමයි. මෙය සිදුව තිබුණේ 2004 වසරේය.

ඇය විසින් මරණයට පත් කරනු ලැබ තිබුණේ බොබී ජෝ ස්ටිනෙට් නමැති කාන්තාවක වූ අතර ඒ වන විට ස්ටිනෙට් අට මස් ගැබිනියකව සිටියාය. ලීසා ඇයගේ නිවසට ගොස් තිබුණේ බලු පැටවකු මිල දී ගැනීමට එන බව පවසමිනි. ළමා වියේ සිටියදී සිදු වූ පහර දීමක් හේතුවෙන් ලීසා ගේ මොළයට හානි සිදුව ඇති බවත්, ඇය මානසිකව යහපත් තත්ත්වයක නොසිටින බවත් ඇයගේ නීතිඥයන් සඳහන් කර තිබිණි. ඒ අනුව ඇයට මරණ දඬුවම ලබා නොදිය යුතු බවට ඔවුන් තර්ක කර තිබූ බැව් සඳහන් වේ.

විස එන්නත් කිරීමෙන් ලීසා මොන්ට්ගොමරිට මරණ දඬුවම ලබා දීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 8 වැනි දිනයි. 1953 වසරේ මෙම දඬුවමට ලක් කළ කාන්තාව වූයේ බොනී හෙඩී නමැත්තියකි. කප්පම් ගැනීම සඳහා 6 හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට මෙම දඬුවම ලබා දුන්නේ ගෑස් කාමරයක දැමීමෙනි.

සහන් වික්‍රමගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.