Oct 01

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පොලීසියේ ලොකු පුටුවල තුන්දෙනෙක් ළගදීම අත්අඩංගුවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරුවන් සියලු දෙනා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ සාමාජිකයන් වන බවත් ඔවුන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලසන්ත ඝාතනය සිදුවූ 2009 වර්ෂයේදී මෙම යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් කොහුවල ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි පිරිසක්‌ බවද හෙළිවී තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයකු මීට ඉහතදී අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගත කර ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට නියෝග ලබාදුන් පුද්ගලයන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන්ද ඉහළ පෙළේ පරීක්‌ෂණයක්‌ මේ වනවිට රහස්‌ පොලිසිය මඟින් ආරම්භ කර තිබෙන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

Copyright © 2013-2020 Gossip-LankaNews Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.