Jun
29
මාස 03 කට පසු පාසල් අද යළි විවෘත වෙයි
කොරෝනා වසංගතය හේතුවෙන් මාස 03 කට අධික කාලයක් තාවකාලිකව වසා දැමුණු රජයේ පාසල් අද (29) සිට විවෘත කෙරෙනවා. පළමු අදියර යටතේ අද සිට ලබන ජූලි මස 05 වනදා දක්වා පාසල් වෙත කැඳවා ඇත්තේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයයි.
ඒ අනුව අද සිට ලබන 05 වනදා දක්වා පාසල් පරිශ්‍ර පවිත්‍ර කිරීම, විෂබීජහරණ කටයුතු, දෑත් සේදීමේ පරිශ්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සකස් කෙරෙනු ඇති.
දරුවන් පාසල් වෙත කැඳවීමෙන් පසු ඉදිරි කි‍්‍රයාවලිය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම ද විදුහල්පතිවරුන් ප්රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත පවරා ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ.
අදියර කිහිපයක් යටතේ රජයේ පාසල් අද සිට ආරම්භ කිරීමට සූදානම්වුවද, තවමත් විසඳී නොමැති ගැටලූ කිහිපයක් ඇති බවයි ගුරු සංගම් පෙන්වා දෙන්නේ. මේ, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.
මේ, සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ නව චක්‍රලේඛයට අනුව කාලසටහන් සකසා ගැනීමේදී ගුරුවරුන්ගේ අදහස් ද ලබාගත යුතු බවයි.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් යම් පාර්ශවයකට ගැටලූ ඇත්නම් ඒ පිළිබඳ සාකච්ජා කිරීමට සූදානම් බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.
Source - නෙත් News