Jun 28

මා එජාපය අතහැරියේ නවීන් දිසානායක නිසා.. ඔහු මෙවර නුවරඑලියෙන් පරාදයි..


තමන් නොමැතිව මහ මැතිවරණයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයට කිසිසේත් ජයග්‍රහණය කල නොහැකි බව ජාතික සමගි ජනබලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් එක්සත් ජාතින පක්ෂය අතහැර ජාතික සමගි ජනබලවේගයට එක් වු බවයි.

ඉකුත් රජය සමයේ වතුකරයේ ජනතාවට වසර 4 ½ කාලයක් තුල සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කල නිසා වතුකරයේ ජනතාව තමන් නියෝජනය කරන ජාතික සමගි ජන බලවේගයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දිමට මේ වන විට සුදානම්ව සිටින බවයි දිගම්බරම් මහතා කියා සිටින්නේ.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තමන් කිසිසේත් ජාතික සමගි ජනබලවේගය හැර නොයන බවත් , රටේ පාලන බලය ජාතික සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම ලබා ගන්නා බවත් පලනි දිගම්බරම් මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටිහ.

සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් තමන් වතුකරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්, පවත්නා තත්ත්වය මත කලින් මැතිවරණ වලට වඩා වැඩි මුදලක් මෙවර මැතිවරණයට වැය කිරිමට සිදු වන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටින්නේ.

තමන්ට දේශපාලන වශයෙන් අතිතයේදි අභියෝග නොතිබුණ බවත්, වර්තමානයේද එවැනි අභියොග නොමැති බවත් , දුෂණ වංචා සිදු නොකරන පිරිසිදු පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තේරි පත් විය යුතු බවයි පලනි දිගම්බරම් මහතා මාධ්‍යය හමුවේ කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.