Oct
19
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
මෙම පුද්ගලයා කුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
පසුගියදා කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිටින ව්‍යාපාරිකයෙකු සමඟ මෙම පුද්ගලයා කතරගම සංචාරයක ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.
ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයෙකු සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙනි.
එම ව්‍යාපාරිකයා සමඟ සමීපව ඇසුරු කිරීම හේතුවෙන් උයන්දන කරවල ව්‍යාපාරිකයාට වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සැක කරයි.
මොහුගේ බිරිඳ සහ පුතාද පීසීආර් පරීක්ෂණයට ලක් කර ඇතත් ඔවුන්ට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබේ.
මොහුගේ බිරිඳ,පුතා සහ එම ව්‍යාපාරිකයාට උණ රෝගයට ප්‍රතිකාර කළ බව කියන පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකු සහ ඇසුරු කළ තවත් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කොරෝනා ආසාදනයවූ ව්‍යාපාරිකයා වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා ඇත.