Oct 23

සජිත්ට පිටුපෑ ඩයනාට විනය පරීක්ෂණයක්


20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය, “ජනාධිපතිවරණ තියන්නේ මොකට ද? ජනාධිපතිවරයෙක් ගේන්න. රටේ ජනාධිපතිවරණයක් ගේන්නේ මොකට ද? එතුමාව ජනාධිපති කරලා අපි එතුමාගේ අත් දෙක බැදලා ගඟට විසික් කරලා තියෙනවා නම් අපි පීනන්න කියලා හරි ද? එතුමා ගිලෙනකල් අපි බලන් ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා ඔබ තුමා ගිලෙනවා කියලා. මොකද්ද මේකෙ විහිළුව. ජනාධිපතිවරයෙක් හැටියට රටක බලයක් තියෙන්න ඕනේ වැඩක් කරන්න. නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“ යනුවෙන් පැවසුවාය.

කෙසේවෙතත් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඒකාධිපතිවාදී ආරම්භයක් වගේම, ඒ වගේම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භයත් සටහන් කළා. මේ රට ඒකාධිපතිවාදයට විරුද්ධයි. පවුලක් රජකරන්න, ඒ වගේම ඇමෙරිකන් පුරවැසියෙක් ගේන්න සම්මත කරපු පනතක් විදියට අපි මේක දකිනවා. ස්වාමින් වහන්සේලා මේ ව්‍යවස්ථා සංශෝධනය එපා කියන කොට බෞද්ධ ආණ්ඩුව කළේ, මුස්ලිම් අය අරන් ස්වාමීන් වහන්සේලාගේ වචනයට විරුද්ධ වුණා. හකීම් මන්ත්‍රීතුමත් රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රිතුමත් අපිත් එක්ක හිටියා. අනෙක් අය අනිත් පැත්තට ඡන්දය දුන්නා. මම හිතන්නේ මේ රටේ සුළු ජාතීන් එපා කියලා සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිටවපු අය ස්වාමීන් වහන්සේලා එපා කියද්දි 20 වන ව්‍යවස්ථා සංශෝධනය සුළු ජාතීන් එකතු කරගෙන ආණ්ඩුව මේක සම්මත කර ගත්තා. අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක් මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඒක අපේ පක්ෂයේ තීන්දුවට විරුද්ධයි. ඒ වගේම මේ රටේ, 28 ලක්ෂයක් සමගි ජන බලවේගයට ඡන්දය දුන්න පාක්ෂිකයින්ට කරපු අවමානයක්. මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා.“
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.