Oct 23

මෛතී‍්‍ර ඡන්දයට නොපැමිණි හේතුව මෙන්න


රිෂාඞ් පාර්ලිමේන්තුවට ගෙන එන්න ඊයේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී යෝජනා වී තිබුණා. ඊට සියළු පක්‍ෂ නායකයින් එකගතාව පළ කර ඇති බවයි කනින් කොනින් වාර්තා වුණේ.

එහෙම පාර්ලිමේන්තුවට එන්න අවසර ලැබුණු රිෂාඞ්ට විරුද්ධ පක්‍ෂයේ පළමු ආසනය වෙනුවට මෙවර වෙන්කර තිබුණේ 78 වන ආසනයයි. ඒ, ඔහු පල්ලන්සේන බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ හේතුවෙන්. පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරුන් 225 ක් සිටියද ආසන 232 ක් පනවා තිබෙනවා.

ඒ අනුව 78 වන ආසනය රිෂාඞ් බදියුදීන්ට හිමි වුණේ මීටර් දෙකක දුර ප‍්‍රමාණයක් පවත්වා ගැනීම අරමුණින් බව කනින් කොනින් වාර්තා වුණා. රිමාන්ඞ් කර සිටින රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා මුණ ගැසීමට පවුලේ සාමාජිකයන්ටත් ඊයේ අවස්ථාව උදා වුණා.

පාර්ලිමේන්තුවේ 3 වන මහලේ පක්‍ෂ කාර්යාලය ඒ සදහා වෙන් වූ බවයි කනින් කොනින් දැන ගන්න ලැබුණේ. කෙසේවෙතත් විස්සට ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඔහුට අවස්ථාව හිමි වුණේ අත එසවීමෙන්.

ආරක්‍ෂිත ඇදුමකින් සැරසී හෝ ටයිකෝට් දමා අත්වැසුම් මෙන්ම මුව ආවරණයක් යොදා රිෂාඞ්ට පාර්ලිමේන්තුවට එන්න කතානායකවරයා අවසර දී තිබුණා. ටයි කෝට් සහ අත්වැසුම් මෙන්ම මුව ආවරණ යොදා රිෂාඞ් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබුණා.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ විස්සට පක්‍ෂව විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 8 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කළා. ඒ අතරට සමගි ජන බලවේගය හදන්න ලාංඡනය වූ දුරකතනය ද දුන් ඩයනා ගමගේද සිටීම දියවන්නාවේ සිටි කාගේත් කතාබහට ලක්වූ බව කනින් කොනින් දැන ගන්නට ලැබුණා.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කලින්ම තීරණය කරල තිබුණා 20 ට පක්‍ෂව ඡන්දය දෙන්නෙ නැහැ කියලා. ඒ ගැන ඔහු අග‍්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුට කතා කරලත් කියල තියෙනවා. හේතුව විදියට දන්නවලා ඇත්තේ 19 යට අත්සන් කරපු තමන්ට 20 ට ඡන්දය දෙන්න බැහැ කියලා.

පහුගියදා පැවැත්වුණු ආණ්ඩු පක්‍ෂයේ රැස්වීම විනාඩි 20 කට සීමා වුණා. එහිදී ඇමති විමල් ස්තුති කරල තියෙනවා 20ට ඔහු ගෙන ආ සංශෝධන තුනෙන් දෙකක් ඇතුළත් කිරීම නිසා. ඒ එක්කම ගෙවිදුත් ස්තුති කරල තියෙනවා කැබිනට් අමාත්‍යවරු 30 හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරු 40 කට සීමා කිරීමේ යෝජනාව ඇතුළත් කිරීම වෙනුවෙන්. කෙසේවෙතත් ජාතික ආණ්ඩුවක් තවත් පක්‍ෂයක් එක්ක පිහිටුවීමේදී කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 කට වඩා වැඩි නොකරන ලෙසට යෝජනාවකුත් කරල තියෙනවා. ගෙවිදුගේ එම යෝජනාවට මන්තී‍්‍රවරුන් විරුද්ධ වූ බවයි කනින් කොනින් දැනගන්න ලැබුණේ.

ඊයේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී අගමැති මහින්ද මහත්තයා කෑම කන කොට වම්පැත්තෙන් විමල් සහ දකුණු පැත්තෙන් සනත් නිශාන්ත ඉදල තියෙනවා. මහින්ද මහත්තයා විමල්ගෙන් අහල තියෙනවා මොකක්ද පෙරේදා වුණ කලබලය කියලා. මම දැන ගත්තෙ රේඩියෝ සහ ටීවීවලින් කියල මහින්ද මහත්තයා විමල්ට කියල තියෙනවා. නෑ ඒක පොඩි දෙයක් ලොකු දෙයක් නෙවෙයි කියල විමල් එහිදී ප‍්‍රකාශ කළ බවයි කනින් කොනින් දැන ගන්න ලැබුනේ.

මේ අතර මහින්ද මහත්තයගේ බාල පුතා චිචීට බිරිදයි දරුවයි සමග අරලිය ගහ මන්දිරයෙන් යන්න කියල ජනාධිපතිතුමා කියලා තියෙනව කියලා සමාජ මාධ්‍යයන්හි ප‍්‍රචාරය වෙලා තිබුණා. හැබැයි එහෙම සිදුවීමක් වෙලා නැහැ කියලයි අරලියගහ මන්දරයෙන් වාර්තා වන්නේ. දේශපාලනයේ සිදුවූ තවත් තොරතුරු ලබන සතියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.