Oct
04
පුද්ගලයන් 430ක් නිරෝධායනයට.. සේවකයින් 1600 කට PCR පරීක්ෂණ කිරිමට යයි
නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 06 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල අද සවස් වන විට නිකුත් වෙනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.
මිනුවන්ගොඩ 250ක් සහ දිවුලපිටිය ප්‍රදේශයෙන් 180 වැඩි පිරිසක් මෙසේ ස්වයන් නිරෝධනයට ලක් කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.
එම ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඇය සේවය කළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන 1600ක් පමණ පිරිසකටද කොරෝනා පරීක්ෂණයෙන් පැවැත්වීමට නියමිතය.