Sep 17

දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා පැද වූ සුපිරි රථයේ සිද්ධියයේ අලුත් තොරතුරු එලියට


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් දෙමටගොඩ පොලීසිය විසින් සිය භාරයට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත එම මෝටර් රථය මුදාහැර ඇතැයි ඉකුත් 12 වැනිදා නෙත් නිවුස් වාර්තා කළා.

ඉකුත් අගෝස්තු මස 30 වැනිදා දෙමටගොඩ පොලීසිය මගින් මෙලෙස සිය භාරයට ගෙන තිබුණේ, ලියාපදිංචි නොකළ වාහනයක් දෙමටගොඩ ප‍්‍රදේශයේ සැරිසරන බවට කොළඹ හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව කොළඹ හදිසි ඇමතුම් ඒකකය විසින් දෙමටගොඩ පොලීසියට මේ පිළිබද දැනුම්දීමෙන් අනතුරුව දෙමටගොඩ පොලීසිය විසින් සිරිනායක පතිරගේ තිළිණ නයනජිත් වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ එම මෝටර් රථය සිය භාරයට ගැණුනා.

අනතුරුව අංක තහඩු සවිකර නැවත එම වාහනය රැගෙනවිත් පොලීසියට ඉදිරිපත් කරන ලෙසටයි පොලීසිය දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට දැනුම්දී තිබුණේ. ඔහු මෙලෙස අංක තහඩු නොමැතිව ධාවනය කර තිබුණේද අමෙරිකාවේ යුද හමුදා විශේෂ බලකායේ ඉහළ නිලධාරීන් භාවිත කරන ආකාරයේ රැන්ග්ලර් වර්ගයේ ජීප් රථයක්.

මෝටර් රථ වාහන පනතේ ප‍්‍රතිපාදන අනුව අංක තහඩු නොමැති වාහනයක් ධාවනය කිරීමට නීතියෙන් කිසිඳු අවසරයක් හිමි වන්නේ නැහැ.

කෙසේවෙතත් වාහනයක් ආනයනය කිරීමෙන් පසු එය වරායේ සිට ලියාපදිංචි කිරීම සදහා රැගෙනයාමේදී පමණක් අංක තහඩු නොමැතිව ධාවනය කිරීමට අවසර හිමි වනවා. එමෙන්ම තත්ත්ව පරීක්‍ෂණ ධාවනයක් සදහා කිසියම් වාහනයක් අංක තහඩු නොමැතිව වුවද ධාවනය කිරීමට නම් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්ගේ අවසර ලබාගැනීම අනිවාර්යයි.

කෙසේවෙතත් දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට අයත් අදාළ මෝටර් රථය දෙමටගොඩ පොලීසිය විසින් මුදාහැර තිබුණේ දින 14 ක් සඳහා වලංගු වන තාවකාලික බලපත‍්‍රයක් යටතේයි. වාහනයට අදාළ අංක තහඩු සවිකර එය පොලීසියට ඉදිරිපත් කර වංලගු බලපත‍්‍රය ලබාගන්නා ලෙස ද පොලීසිය විසින් ඔහුට අවවාද කර තිබුණා.

කෙසේවෙතත් ඔහු මේ වනතෙක් අදාළ මෝටර් රථය දෙමටගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය විසින් අද (17) දිනයේදී අලූත්කඬේ අංක 07 අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් වාර්තාවක් ලබාදෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර පොලීසිය විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සිරිනායක පතිරගේ තිළිණ නයනජිත් වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්යෙන් මීට පෙර පින්නදූව පොලිසිය මගින් ද අවවාද කර තිබූ බවයි. පසුව ඔහුගේ වලංගු රියදුරු බලපත‍්‍රය පින්නදූව පොලිස් භාරයට ගෙන ඒ වෙනුවට තාවකාලික බලපත‍්‍රයක් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් දෙමටගොඩ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත්තේ පින්නදූව පොලිසිය විසින් ලබාදුන් එම තාවකාලික බලපත‍්‍රය බවටයි මේවනවිට අනාවරණ වී ඇත්තේ. ඒ අනුව දෙමටගොඩ පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පින්නදූව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.