Sep
17
මත්ද්‍රව්‍ය සාදයක් වටලා 20ක් අත්අඩංගුවට, මතට ලොල් වූ තරුණියන් 5 කුත් ඒ අතර
කැස්බෑව සුරාබදු ඒකකය පිළියන්දල දම්පේ ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සාදයක් වටලා පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 05 දෙනෙකු ද සිටින බව සුරාබදු ඒකකය පැවසීය.
මෙහිදී සැකකරුවන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 15 ට අධික ප්‍රමණයක් සොයා ගැනුණි.
මේ අතර කේරළ ගංජා ළඟ තබාගෙන සිටි චීවරධාරියකු නෙළුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලීසිය සඳහන් කළේය.
කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ ඒකකය විසින් මාතර දික්වැල්ල ප්‍රදේශයේ දී ගිනි අවි තුනක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
මෙම ගිනි අවි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සුපුන් බුද්ධික නැමැත්තාගේ බවට සැකකෙරෙන අතර අත්අඩංගුවට ගත් තිදෙනා ඔහුගේ සමීපතමයන් බව පොලීසිය සඳහන් කළේය.
එසේම රක්ෂණ සමාගමක නියෝජිතයෙකු මෙන් පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකු හෙරෝයින් ග්‍රෑම් 75 ක් සමග මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර තීතිපතිවරයා විසින් පසුගිය මාස 15 තුළ මත්ද්‍රව්‍ය නඩු 2,480 ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් කර ඇති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නිතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.
බරපතළ මත්ද්‍රව්‍ය නඩු 2,000ක් සම්බන්ධයෙන් මහාධිකරණයට අධිචෝදනා ගොනු කර ඇති බව ද ඇය සඳහන් කරයි.