Sep 24

වසර 28ක් රැස් නොවුනු සභාවක් ජනපති සක්‍රීය කරයි


අපනයන සංවර්ධන සභාව වසර 28 කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්ව තිබෙනවා.

අපනයන සංවර්ධන සභාව යළි සක‍්‍රිය කරමින් පළමු හමුව ඊයේ (23) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ දීයි.

අපනයන සංවර්ධන පනත අනුව එහි සභාපති ධූරය ජනාධිපතිවරයාට හිමි වනවා. ක්ෂේත‍්‍රයේ ගැටළු විසඳමින් ගත යුතු ඉදිරි පියවර සමාලෝචනයට අපනයන සංවර්ධන සභාව මසකට වරක් රැස්විය යුතු බවටයි එහිදී යෝජනා කෙරුණේ.

අපනයනකරුවන්ට නව වෙළෙදපොළ අවස්ථා උදාකර දීම සඳහා අපනයන සංවර්ධන සභාවට පැවරී ඇති වගකීම එහිදී අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒ ඒ රටවල අවශ්‍යතා අනුව අපනයන ක්ෂේත‍්‍රයේ විවිධාංගීකරණයක අවශ්‍යතාව පැහැදිළි කළා.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ අපනයන ක්ෂේත‍්‍ර සංවර්ධනය කොට, ගෝලීය වෙළෙඳපොළ ජය ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම වේගවත් කිරීම සභාවේ විෂය පථයට අයත් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

අත්සන් තබා ඇති ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් බොහොමයක් රටට හිතකර නොමැති බවත්, රටට වාසිදායක සහ වැඩි ප‍්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින් එම ගිවිසුම් කඩිනමින් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

අපනයන ක්ෂේත‍්‍රයේ ගැටළු විසඳීම සහ එහි ප‍්‍රගමනය උදෙසා ජාතික වෙළෙඳ ප‍්‍රතිපත්තිය කඩිනමින් සංශෝධනයට සහ නව්‍යකරණයට ලක් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

අපනයනකරුවන් අධෛර්යමත් කරන අනවශ්‍ය නීති රීති ඉවත් කළයුතු බවයි  ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ එහිදී කියා සිටියේ. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ප‍්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර,  කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ ආයතන රැසක ප‍්‍රධානීන් එම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

1979 අපනයන සංවර්ධන පනතින් ”අපනයන සංවර්ධන සභාව” ස්ථාපනය කර තිබෙනවා. අපනයනකරුවන් ශක්තිමත් කර ක්ෂේත‍්‍රයේ ගැටළු විසඳීම ඉන් අපේක්ෂා කරනු ලබන අතර ප‍්‍රතිපත්ති සම්පාදනය, අනුමැතිය සහ නිර්දේශ දීම අපනයන සංවර්ධන සභාවට අයත් කාර්යයන් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.