Sep 23

මිල්ලනියේ නරි හොරණටත් ඇවිත්


කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය මුවපට්ටියගම ඇතුළු ප්‍රදේශවල පසුගිය දිනවල නරි උවදුර පැතිර ගියේ ගම්වාසීන් භීතියට පත් කරමිනි. මේ වන විට මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හොරණ ඉළිඹ ගම්මානයේ සුනඛයින් කිහිපදෙනෙකු නරි විසින් සපා කා ඇතැයි ගම්වාසීහු පවසති. හොරණ ඕවිටිගල ප්‍රදේශයේ දී මියගිය නරියකුගේ සිරුරක් හමුවීම නිසා එම ප්‍රදේශවල ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන්නැයි ‘‘ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරී කමිටු’’ සාමාජික මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න දන්වා සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය කුලරත්න ප්‍රකාශ කර සිටියේ ඉරිදා (20 වැනිදා) දිනයේ සිද්ධින් දෙකක් වාර්තා වී ඇති බවය. හොරණ ඉළිඹ මූකලාන ප්‍රදේශයේ දී නිවසක් ආසන්නයට පැමිණි නරියකු නිවසේ ඇතිකරන සුනඛයා සපා කා අනතුරුව ගෙහිමියාව ද සපා කෑමට සූදානම් වූ අවස්ථාවේ දී ගෙහිමියා තම පුත්‍රයා සමග එක්ව පොලු පහර දී නරියාව පන්නා දැමූ බවත් එම ගම්මානයේම වෙසෙන සුනඛයකු නරියකු සපා කා තිබූ බවත් ඇය පැවසුවාය.

මිල්ලනිය සහ මදුරාවල ජලභීතිකා අවදානම් කලාප වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනතාව නිරන්තරයෙන් අවධියෙන් සිටින බැවින් මෙම සිදුවීම් පිළිබඳව වහාම ගම්වාසීන් විසින් අදාළ බලධාරීන් දැනුම්වත් කර ඇති බව කී වෛද්‍යවරිය ඒ අනුව පෙරේදා (21 වැනිදා) දිනයේ තමන් ඇතුළු කණ්ඩායමක් ඉළිඹ ප්‍රදේශයට ගොස් තත්ත්වය සොයා බලා සුනඛයින් සිය දෙනෙකුට ජලභීතිකා, එන්නත් ලබාදීමට කටයුතු කළ බවත් පැවසුවාය.

එම ප්‍රදේශයේ ගවපට්ටි දෙකක සිටින ගවයින් නරින් විසින් සපා කා ඇති ද යන්න සැක සහිත බැවින් ගවයින් 120 කට පමණ පශූ වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය. එසේම තවදුරටත් අදහස් දක්වන වෛද්‍ය කුලරත්න ප්‍රකාශ කර සිටියේ ඊයේ (22දා) දිනයේ හොරණ ඕවිටිගල ප්‍රදේශයෙන් ද මියගිය නරියකු හමුවී ඇති බවය. එම නරියාගේ හිස කොටස බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයට යොමු කර ඇත. එම නරියාට ජලභීතිකාව වැලඳී ඇති බවට හෙළිවුවහොත් වහාම ඕවිටිගල ගම්මානයේ ද ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අත් පත්‍රිකා බෙදා හරිමින් අදාළ ප්‍රදේශවල පාසල් දරුවන් මෙන්ම අනෙකුත් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මිල්ලනිය ප්‍රදේශයේ තිබූ අවදානම මේ වන විට මදුරාවල බල ප්‍රදේශයට ද පැතිර යන බවට තොරතුරු ලැබෙමින් පවතී.

කෙරෝනා සමය තුළ ජනතාව නිවෙස්වලට වී සිටීමත් මාර්ගවල වාහන ගමනාගමනය සිමාවීමත් නිසා කැලෑබද ප්‍රදේශවල සිටි නරි ගම්වදින්නට ඇතැයි සැක පහළ කරන සත්ත්ව විද්‍යාඥ නිලන්ත අබේසිංහ සඳහන් කරන්නේ පසුගිය දිනවල ජලභීතිකාව වැලඳුන සිවලුන් සපාකෑම නිසා සිදුවුණු මරණ හේතුවෙන් මිනිසුන් නරින්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීමටත් විවිධ හිරිහැර කිරීමටත් යොමු වූ බවය.

මේ හේතුවෙන් සාමූහික හැසිරීම් සහිත සතුන් වන සිවලුන් තම රැලෙහි එක සතෙකුට හෝ සිදුකළ අනතුරක දී සාමුහිකව එක් වී මිනිසාට හානි කිරීමට පෙලඹෙන බවත් අලි මිනිස් ගැටුම ද මෙවැනි තත්ත්වයක් බවත් හෙතෙම සඳහන් කරයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය. සාමාන්‍යයෙන් සිවලා යනු බියගුළු සත්ත්වයෙකු බවත් මිනිසා මගහැර යන නමුත් තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇති තර්ජනයක දී සාමූහිකව මිනිසාට එරෙහිව සටන් වැදෙන බවත්ය. තනි සිවලා මිනිසාට බිය වුවද සිවල් රංචුවකට තනි මිනිසෙක් කොටුවූ විට මිනිසා වටකර ගැනීමට උත්සාහ දරන බවත් සත්ත්ව විද්‍යාඥ නිලන්ත අබේසිංහ වැඩිදුරටත් පැවසීය.

- අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.