Aug
12
බොල්ගොඩ පාලමෙන් පැන්න ඥාති සොයුරිය බේරගන්න ගිය තරිඳු ගමම කම්පාකරමින් නොඑන ගමන් ගිය හැටි
බොල්ගොඩ පාලමෙන් පැන දිවි නසා ගැනීමට ගිය තරුණියක් බේරා ගැනීමට ගිය ඇයගේ ඥාති සොහොයුරෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් ඊයේ වාර්තා වුණා.
මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි තරිදු මධුෂංක නම් එක් දරු පියෙක්.
තරිඳු මධුෂංක සිය ඥාති සොහොයුරියකට ආහාර රැගෙන බණ්ඩාරගම නගරයට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේදී ඔහුගේ තවත් ඥාති සොහොයුරියගෙන් ඇමතුමක් ලැබී ඇත්තේ බොල්ගොඩ ගඟට පැන තමන් සිය දිවි නසා ගන්නා බවටයි.
ඒ අනුව වහාම අදාළ ස්ථානයට පැමිණි තරිඳු ඒ වන විටත් ගඟට පැන සිටි තම ඥාති සොහොයුරිය බේරා ගැනීම සඳහා ගඟට පැන තිබෙනවා.
පසුව ප්රදේශවාසීන්ගේද සහයෙන් ඥාති සොහොයුරියගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇතත් තරිඳුට තම ජීවිතය බේරාගැනීමට හැකිවන්නේ නැහැ.
සිද්ධිය දුටුවන් පැවසුවේ ඔහු තරුණිය අසළට පිහිනා ගොස් ඇය අල්ලා ගත් පසු දියේ ගිලී ගිය බවයි.
බේරාගත් තරුණිය පසුව ප්රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කෙරුණා.
ඒ වන විටත් දියේ ගිලී අතුරුදන් වූ 29 හැවිරිදි තරිඳු මධුෂංකගේ සිරුර සොයා ගැනීමට ප්රදේශවාසීන්ට හැකිවී තිබුණේ නැහැ.
ඒ අනුව නාවුක හමුදා කිමිදුම් අංශය ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර ඊයේ පස්වරුවේ එම සිරුර සොයා ගනු ලැබුවා.
-hirunews