Aug
05
පානදුරේ ඡන්ද පෝලිමක සිටි ඡන්ද දායකයෙක් ඇද වැටී මියයයි
ඡන්දය භාවිත කිරීමට පැමිණි පුද්ගලයෙකු පානදුර බෙක්කේගම ප්රාථමික විදුහලේ ඡන්ද පෝලිමේ රැඳී සිටියදී හදිසියේ අසනීප වී ඇද වැටී මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර, අම්බලන්දූව පදිංචිව සිටි එම්.පී. පීරිස් නමැති 80 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.
ඔහු පෙරවරු 8.30ට පමණ ඡන්දය දැමීම සඳහා පෝලිමේ රැඳී සිටියදී හදිසියේ අසනීපව බිම ඇද වැටී ඇත.
1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහල වෙත රැගෙන ගොස් රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සුමිත් රණවක, එම්. සී පෙරේරා - මව්බිම