Aug
05
බීරූට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් තුවාල ලබති
ඊයේ (4) බීරූට්හි සිදුවූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වී ඇති අතර, ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂාවෙන් සිටින බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
මෙම හදිසි පිපිරීම හේතුවෙන් බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයට සහ තානාපති කාර්යාල නිලධාරීන්ගේ නිවෙස්වලට සුළු හානි සිදුවී තිබේ.
කෙසේ වෙතත්, තානාපති කාර්යාලයේ නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන් 25,000 ක් පමණ සංඛ්‍යාවක් මේ වන විට ලෙබනනයේ වාසය කරති.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අතුරුදන් වී සිටින තවත් 100 දෙනෙකු පමණ සෙවීමේ කටයුතු සිදුකෙරේ.
මෙම දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ පිරිස 4000කට අධිකය.