Aug 03

කාමාතුරයන්ගේ ප්‍රියතම ගොදුර පිරිමි දරුවන්


මේ වනවිට පිරිමි දරුවන් අපයෝජනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලිස් ළමා හා කාන්තා අපචාර වැළැක්වීමේ කාර්යාංශය පවසයි.

2020 වසරේ ලැබුණු පැමිණිලි සලකා බැලීමේදී මෙම තත්ත්වය දක්නට ලැබෙන බව කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංආරච්චිගේ පවසයි. දරුවන් අපයෝජනයට ලක්ව ඇත්තේ නිවසේදී හෝ ඥාති නිවාසවලදීය.

2020 වසරේ පළමු දින 15 තුළදී පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් එකසිය හතළිස් දෙකක්, බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් හතළිස් දෙකක් සහ ළමා අපයෝජන සිද්ධීන් පනස් හතක් වාර්තා වී ඇති බව ළමා හිංසනයට එරෙහි සංවිධාන පෙන්වා දෙයි. එහෙත් පොලිසිය සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ 2019 වර්ෂයේදී අපයෝජන සිද්ධීන් පිළිබඳ පැමිණිලි අටදහස් පන්සිය පනස් අටක් ලැබී ඇති බවයි. ඒ 1929 ක්ෂණික දුරකථන අංකයටය. වැඩිම පැමිණිලි කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම සංඛ්‍යාව එක්දහස් එකසිය හැට හතකි. අඩුම පැමිණිලි සංඛ්‍යාව වන අසූවක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.​ දෙවනුව වැඩිම පැමිණිලි වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව අටසිය අසූ අටකි.

මෙම පැමිණිලිවලින්ද වැඩිම සංඛ්‍යාවක් ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබී තිබේ. එම සංඛ්‍යාව දෙදහස් තුන්සිය හතළිස් දෙකකි.

උදයජීව ඒකනායක - අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.