Aug 03

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරුයි. පෙම්වතිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කර ගෙන ඇති බව නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අංගොඩ ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව තුළ ව්‍යාජ නමකින් පෙනී හිදිමින් සිට ඇති බවයි එරට පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ.

අංගොඩ ලොක්කාගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සාදා දීමේ සිද්ධියට ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අංගොඩ ලොක්කා නම් මෙම සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේ ජිවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවයි කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

ඉකුත් ජුලි මස 03 වෙනිදා අංගොඩ ලොක්කා නමැති අපරාධකරු කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇතිවී ඔහු නිවසේදී එක් වරම සිහිමුර්ජාවී ඇද වැටුණු බව පවසමින්ය. මෙහිදී එක් කාන්තාවක් රෝහල් බලධාරින්ට සඳහන් කර ඇත්තේ ඔහු තමාගේ ඥාතියෙකු බවයි.

රෝගී තත්ත්වය හේතුවෙන් මියගිය අංගොඩ ලොක්කා ගේ දේහය ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කොට රෝහලෙන් නිදහස් කර ගෙන ඇති මෙම පිරිස පසුව මදුරෙයි හිදී ඔහුගේ දේහය ආදාහනය කොට ඇති බවයි කොයිම්බතුර් පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ.

අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී මියගොස් ඇති බවට ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තමිල්නාඩු පොලිසියෙන් සිදුකළ දැනුම් දීමක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මියගිය අංගොඩ ලොක්කාගේ සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගෙන ඇති අතර එම කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවත් මෙය සත්‍ය ලෙසම හෘදයාබාධයකින් සිදුවූ මරණයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකහැර දැන ගත හැක්කේ එම වාර්තා ලැබීමෙන් පසුව බවයි කොයිම්බතුර් පොලිසිය සඳහන් කර සිටියේ.

අංගොඩ ලොක්කා මීට වසර 03 කට පමණ පෙර ඉන්දියාවට පැමිණ ඇති අතර ඔහු කොයිම්බතුර් හි පිහිටි චේරන් මාන්ගර් හි කුලී නිවසක ජිවත්ව ඇති බවට හෙළිව ඇත.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ආහාර සැපයීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගොස් ඇති බවත් ඉකුත් මාර්තු මාසයේදී ඔහුගේ පෙම්වතිය බව කියන ලාංකික දෙමළ තරුණියද එරටට ගෙන්වාගෙන ඇය  සමග ජිවත්ව සිට ඇති බවයි සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.