Aug 27

පොලීසිය කැළණි ගඟට පැන සමයංගේ ගෝලයෙක් අල්ලයි


ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු රුපියල් කෝටි 3ක් පමණ වටිනා මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගත්තා.

ඒ, ඔරුගොඩවත්ත - විදුලි සංඥා පුවරු ආසන්නයේදියි.

පසුගිය 23 වැනිදා රටින් පලායෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයින් ඇතුළු සිව් දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරුවලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.

කෙසෙල්වත්තේ ක්‍රිෂාන්ත නැමැති 40 හැවිරිදි සැකකරු වත්තල ප්‍රදේශයේ මේ වනවිට තාවකාලිකව පදිංචි වී සිටින අයෙකු බවටයි හෙලි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 03ක් වන අතර, වෑන් රථයේ තිබී රුපියල් 611,550ක මුදලක්, චෙක් පොත් දෙකක් සහ ඒ.ටී.එම්. කාඩ්පත් කිහිපයක් ද සොයා ගැනුණා.

මේ අතර, පාතාල නායක සමයංගේ ගෝලයෙකු වන කනත්ත ගමගේ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ නවගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ පෙර පැමිණ ඇති අතර, ඔහු නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරු එම අවස්ථාවේදී කැලණි ගඟට පැන පළායෑමට උත්සාහ කර ඇති අතර, පොලිස් නිලධාරීන් කැලණි ගඟට පැන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයා ගත්තා. ඔහුට මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම, පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය තුළ කලක සිට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන - ලොකට් ලේන් ප්‍රදේශයේදී 43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 කට වැඩි ප්‍රමාණයක්ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පානදුර මෝදරවිල නිවාස සංකීර්ණයේ පොලිස් නිල සුනඛයින් සහ පොලිස් නිලධාරීන් 135 දෙනෙකු පමණ යොදවා අද අලූයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 05කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.