Aug
17
පාර්ලිමේන්තු මංගල සැසියට ‘කැටයම්’ එපා - ජනපති උපදෙස් දෙයි
අභිනව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ඉතා චාම් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව ත්‍රිවිධ හමුදා ආචාර පැවැත්වීම, ආචාර වෙඩිමුර පැවැත්වීම හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග දෙපස සිට ආචාර කිරීම් ආදිය සිදු නොකරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
එමෙන්ම අශ්වාරෝහක පෙළපාලි පැවැත්වීම ද සිදු නොකරන ලෙස දන්වා ඇත.
නව සැසිවාරය විවෘත කිරීමේදී සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දී උත්සව කටයුතු සිදු කිරීමට සංවිධානය කරන ලෙස ද ජනපතිවරයා දන්වා තිබේ.