Aug 17

අලුත් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට සතුටු සාමීචිය තහනම්. රීති රැසක් පනවයි


ලබන බ‍්‍රහස්පතින්දා (20) පැවැත්වෙන 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සිට සියළු මන්ත‍්‍රවරුන්ට සෞඛ්‍ය රීති මාලාවක් පැනවීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන සියලූ මන්ත‍්‍රීවරුන් මුඛ ආවරණය අනිවාර්යෙන්ම පැළඳිය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමන් කිරීමේදී අනිවාර්යයෙන්ම මීටරයක පරතරය තබාගත යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එමෙන්ම මන්තී‍්‍රවරුන්ට ඒකරාශි වී සාකච්ඡා කිරීමට හෝ සතුටු සාමීචියේ නිරතවීමට මෙවර පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් නොලැබෙන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා පැවසුවේ.

ඉතිහාසයේ පළමුවරට මෙවර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් ලියාපදිංචි කිරීම සිදුකළේ ද ඔන්ලයින් ක‍්‍රමයටයි. ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත‍්‍රිවරුන්ගෙන් 223 දෙනෙකුම මේ වනවිටත් ලියාපදිංචි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර සඳහා පත්කෙරෙන සභිකයින් දෙදෙනා පමණක් මෙතෙක් නම් කර නැහැ. ඒ, එම පක්ෂ 02 තුළ මතුව ඇති අභ්‍යන්තර ගැටලූ කීපයක් මුල් කරගනිමින්.

කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේ පාර්ලිමේන්තු වැඩකටයුතු සඳහා ඔන්ලයින් ක‍්‍රමය වඩාත් පහසු බවයි. මින් ඉදිරියට මන්ත‍්‍රීවරුන්ට අවශ්‍ය ලිපි ලේඛන ද ඔන්ලයින් ක‍්‍රමයට ලබාදීමට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ ආරම්භ වනවා. එහිදී සිදුවන කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහකාර මහලේකම්, ටිකිරි කේ ජයතිලක නෙත් එෆ්. එම්. රේඩියෝව සමග එක්වෙමින් අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ පළවෙනිම කාරණය කථානායකතුමා තෝරා ගැනීම බවයි. ඉන් පසුව මන්ත්‍රිවරුන් දිවුරුම්දීම සිදු කෙරෙනවා.

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළිි කිරීමක් සිදු කෙරුණා. ඒ අනුව පළමු දවසේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රිවරුන්ට ඕනෑම ස්ථානයක නිදහසේ අසුන් ගැනීමේ හැකියාව ලැබෙනවා. පසුව කතානායකවරයා විසින් අදාළ සියලු මන්ත්‍රිවරුන්ට නියමිත ආසනයක් වෙන් කර දෙනු ඇති.

මේ අතර පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා සම්බන්ධයෙන් බොහෝදුරට අද දිනයේදී තීරණයක් ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.