Aug
17
වේදිනගම හිමි පැහැරගෙන ගොස් ඇත්තේ රතන හිමියන් - තවත් හිමිනමක් සාක්ෂි දෙයි
අපේ ජන බල පක්ෂයේ ලේකම් වන පූජ්‍ය වේදිනගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් බව ඒ හිමියන්ගේ මාධ්‍ය ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියෝ පවසති.
රතන හිමියන්ගේ වාහනයෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.
ජනාධිපති මුණගැසීමට යැයි දන්වා විමලතිස්ස හිමි රතන හිමි ගෙන්වාගත් බවත් ඉන් අනතුරුව පැහැරගෙන යාම සිදු කර ඇති බවත් චන්ද්‍රසිරි හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.