Aug
17
උතුරේ මන්ත්‍රීන් පාර්ලිමේන්තු දිවුරුමට පෙර කොටි සොහොන්වල දිවුරයි
උතුරු පලාතෙන් මෙවර 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟකොට මන්ත්‍රී ආසන දෙකක් ජයග්‍රහනය කරන ලද දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් ජනතා සේවයන් ආරම්භ කිරීම මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදි.
මුල්ලිවයික්කාල් ප්රදේශය් ඉදිකොට ඇති යුද්දයෙන් මිය ගිය වැසියන් සඳහා ඉදිකොට ඇති ස්මාර්කය ඉදිරිපිටදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා සහ එම පක්ෂයේ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් සිය තනතුරුවලට අදාල සේවයන් ආරම්භ කිරීම සිදු කරන ලදි.
එහිදී යුද්දයෙන් විපතට පත් වූ ජනතාව ඇතුලු නැවත පදිංචි ජනතාවගේ ගැටලු වෙනුවෙන් ප්‍රමුඛස්ථානය දෙමින් ඉදිරියේදී තම පක්ෂය කටයුතු කරන අතරම දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඩක් නැගීමටද කටයුතු කරන බවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් විසින් මුල්ලි වයික්කාල්හි මිය ගිය වැසියන්ගේ ස්මාර්කය ඉදිරිපිටදී මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දල්වා සෙත් ශාන්ති කරන ලදි.
- වන්නි රොමේෂ් මධුෂංඛ් - lanka c news