Aug
17
පැරදුනු අපේක්ෂක භික්ෂූන්ගෙන් බසයක් පුරවාගෙන විත් ජාතික ලයිස්තුව ඉල්ලයි..
මෙවර මැතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග වැද පරාජයට පත් වූ අපේක්ෂකයෙක් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට යාමට උත්සාහයක් දරා ඇත.
මෙම අපේක්ෂකයා තරග වැදුනු දිස්ත්රික්කයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා පිරිසක් එක් කරගෙන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහු පැමිණ තිබේ.
එම භික්ෂූන් වහන්සේලා පිරිස සමග පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර එම ක්රියාව සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට දැඩි ලෙස අප්රසාදය පල කර ඇත.
අදාල පරාජිත අපේක්ෂකයාට දැඩිව දොස් පවරා ඇති අග්රමාත්යවරයා පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා පිරිසට දානය පිළිගැන්වීමට කටයුතු කර ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මේ වන විට නම් කර ඇති අතර ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ඒ සියළු දෙනා මන්ත්රීවරුන් ලෙස ගැසට් කර තිබේ.
කිසිදු පරාජිත අපෙක්ෂකයෙකු එම ලයිස්තුවට ඇතුලත් කර නැත.