Jul 26

මීගමුව බන්ධනාගාරයට කෝටියකට අධික මත් ද්‍රව්‍ය සැපයූ හතක් අත්අඩංගුවට


මීගමුව බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය, දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ ලබාදෙමින් ගම්පහ දිස්ත්‍රිකයේ තරුණ කාන්තාවන් යොදාගනිමින් මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවූ පුද්ගලයෙකු සහ ඔහු සමග එම ජාවාරමේ යෙදුනු හත්දෙනෙකුගේ කණ්ඩායමක් රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සහ මුදල් සමග මීගමුව කොට්ටාශයේ නොවිසදුනු අපරාධ විමර්ශනඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 127ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්,  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්, යතුරු පැදියක්, රු. 173000 මුදලක්, ලක්‍ෂ 50ක් වටිනා චෙක්පත් සහ ප්‍රධාන සැකකරු විසින් පෞද්ගලික බැංකු තුනක ගනුදෙනු සදහා යොදාගත් චෙක් පොත් සහ බැංකු තැන්පත් කුවිතාන්සිද, ජංගම දුරකථන 9ක් අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.

මිගමුව බන්ධනාගාරයේද සහයෝගය ඇතිව නොවිසදුනු  අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් රහසිගතව සිදුකල මෙහෙයුමකදී බන්ධනාගාරය තුලට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් භාණ්ඩ විසි කිරීමේ යෙදුනු බන්ධනාගාර තාප්පය අසල පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු කලක් ජපානයේ සිට පැමිණි අයෙකු බවත්. ඔහු එතුකාලේ පිහිටි හෝටලයක නැවති සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇතිබවත්, මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

හෝටලය පවත්වාගෙන ගිය පුද්ගලයාද මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වයස 28 ක් සහ 21 ක් වන කාන්තාවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදාගෙන ඇතිඅතර ඔවුන්ගේ නිත්‍යානුකූල විවාහකයන් මත්ද්‍රව්‍ය චෝදනාවලට බන්ධනාගාර ගතව සිටින බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බර්ටි වීරසිංහ - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.