Jul
24
රාජංගනය තුනැවැනි වලල්ලෙන්ද කොරෝනා ආසාදිතයන් හමුවෙනවා
කන්දකාඩු කොරෝනා පොකුරුවලින් පළවෙනි වලල්ලේ සිට තවත් වලලු ඇති වීමට තිබූ අවදානම බොහෝදුරට අඩු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රාජාංගනය ප්‍රදේශයේ තුන්වෙනි වළල්ලෙන්ද ආසාදිතයන් වාර්තා වන බවත් වන නමුත් අසාමාන්‍ය ලෙස රෝගීන් වාර්තා නොවන බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව මුලින්ම ගත් ක්‍රියා මාර්ගය හේතුවෙන් පැතිරීම පාලනය කර ගැනීමට හැකිවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ අතර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගීගනගේ මහතා සඳහන් කරන්නේ අද වන විට සමාජය තුළින් කිසිදු කොරෝනා ආසාදිත වූ වාර්තා නොවන බවත් බවයි.
දැනට රාජංගනය ආශ්‍රිතව කොරෝනා පරීක්ෂණ 8500 ක් පමණ කර ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.