Jul
24
කොවිඩ්-19 මධ්‍යස්ථානයකදී 14 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක්
කොවිඩ්-19 නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටි 14 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් ඉන්දියාවේ දිල්ලි නගරයෙන් වාර්තා වේ.
එරට මාධ්‍ය පවසන්නේ, එම නිරෝධායන මධ්‍යස්ථානයේ ම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකු විසින් එම දැරිය අපයෝජනයට ලක් කරනු ලැබ ඇති බවය.
19 හැවිරිදි සැකකරු සහ එම සිද්ධිය රූගත කළ බව කියන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.
අදාළ දැරිය සහ සැකකරුවන් දෙදෙනා කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී සිට ඇති අතර ඔවුන් අදාළ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
එය ඉන්දියාවේ විශාලතම කොවිඩ්-19 මධ්‍යස්ථානය වන අතර එහි රෝගීන් සඳහා ඇඳන් 10000ක් වෙන් කර තිබේ.
පොලිසිය සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මෙම අපයෝජනය නිරෝධායන මධ්‍යස්ථානයේ වැසිකිළියක් තුළ සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් එම දැරිය සිය දෙමාපියන්ට දන්වා ඇති අතර පසුව පරීක්ෂණ අරඹා තිබිණි.
- මව්බිම